IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


බැසිල් වෙනුවෙන් ඉවත්වන මන්ත්‍රීට ලොකු ලංසුවක්

(විශේෂ වාර්තාකරුවකු විසිනි)
බැසිල් රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තු පැමිණෙන දිනය මෙතෙක් නිශ්චිතව තීරණය වී නැතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.
ඔහුට ලබන 8 වැනිදා පාර්ලිමේන්තු පැමිණීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු සංවිධායකයන් සුබ නැකතක් පවා සකස් කර ඇතත් බැසිල් රාජපක්‍ෂ මහතා එදිනට පාර්ලිමේන්තු පැමිණීම අවිනිශ්චිත බව දැනගන්නට තිබේ.
එහෙත් බැසිල් රාජපක්‍ෂ මහතාට මුදල් අමාත්‍යධූරය ලබාදීම සම්බන්ධයෙන් තමාගේ අකමැත්තක් නොමැති බව දැනට මුදල් අමාත්‍යධූරය ද දරණ අග්‍රාමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කර ඇත.
ඔහු එම ප්‍රකාශය කර ඇත්තේ මෙම කරුණ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ නිවසේදී ඉකුත් සෙනසුරාදා පැවති විශේෂ සාකච්ඡාවේදීය.
එම සාකච්ඡාවට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ, අමාත්‍යවරුන් වන චමල් රාජපක්‍ෂ, නාමල් රාජපක්‍ෂ, රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්‍ෂ යන මහත්වරුන්ද, බැසිල් රාජපක්‍ෂ මහතා ඇතුළු රාජපක්‍ෂ පවුලේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෝ ද සහභාගී වූහ.
සුහද පවුල් හමුවක් වූ මෙම කතාබහේ දී බැසිල් රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණීම ස්ථිර කර ඇතත් පැමිණෙන දිනය නිශ්චිතව සඳහන් කර නැත.
ඔහුට මැතිසබයට පැමිණීමට හැකිවන ලෙස ඉවත්විය යුත්තේ කවුද යන්න ගැන සිදුකළ සාකච්ඡාවේදී ෆලීල් මර්ජාන්, මහාචාර්ය චරිත හේරත්, ජයන්ත කැටගොඩ සහ මහාචාර්ය රංජිත් බණ්ඩාර යන ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ගේ නම් සම්බන්ධයෙන් අදහස් හුවමාරු වී ඇත.
කෙසේ හෝ බැසිල් රාජපක්‍ෂ මහතා වෙනුවෙන් සුදුසු මන්ත්‍රීවරයකු ඉවත් කරගැනීමේ වගකීම මෙම හමුවේදී පවරා ඇත්තේ නාමල් රාජපක්‍ෂ ඇමතිවරයාටය.
එලෙස ඉවත්වන මන්ත්‍රීවරයාට දැනට පුරප්පාඩුව පවතින ඕස්ටේ්‍රලියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් පදවිය පිරිනැමීමට ද තීන්දු විය. 



අදහස් (32)

බැසිල් වෙනුවෙන් ඉවත්වන මන්ත්‍රීට ලොකු ලංසුවක්

රමණී Monday, 05 July 2021 06:31 AM

ඕන එකෙක්ව අයින් කරගත්තාට කමක් නැහැ. නමුත් ලොකුම අපරාධය කරන්නේ ඊට පස්සේ. නිකමෙක්ව ඕස්ට්‍රේලියාවේ තානාපති කරනවා කියන්නේ කොටින්ට උඩගෙඩි දීමක්. පව්කාරකම් කිරීමේ සීමාවක් තියෙන්න ඕනා. ඇත්තටම දැන් නම් මේ උදවිය ගැන පුදුම කලකිරීමක් දැනෙනවා මේ පලවෙන පුවත් ඇත්ත නම්.

:       0       54

සෙනෙවිරත්න Monday, 05 July 2021 06:53 AM

මරු සාකච්ඡා, රටේ තනතුරු මෙහෙමද තීරණය කරන්නේ? වෙන රටවලත් මෙහෙමද? මේක පවුලේ බූදලයක්ද? සමාගමක්ද? මන්ත්‍රීකම කරපු කෙනා කොහොමද තානාපති වෙන්නේ? ඒකට වෙනම සුදුසුකම් තිබෙනවා නේද? රට මෙහෙම තියෙනවා ඇති. මේ පවුලේ කෙරුවාව තව කොපමණ කල් බලන් ඉන්නද? මම අහන්නේ මෙයාලාට තවත් කඩේ යන බුද්ධියක් ඇති අයගෙන්..? අනෙක හැමදාම නැකත් බලලා ආගමින පූජකයින්ගේ අාශීර්වාදය මැද වැඩ අරඔනවා. අරඹපු දේ විනාශයයි. මෙයාලා පවුල් පිටින් ගොඩ. වසර හැත්තෑවක් මොවුන්ට කතිරෙ ගහපු ජනතාවනි දුක විඳපල්ලා, කල පව් විඳවපල්ලා...

:       1       1428

Mewan Monday, 05 July 2021 07:13 AM

මේ පාර්ලිමේන්තු පැමිණීම අමු නීති විරෝදී බව දන්නේ කීයෙන් කී දෙනාද?

:       0       420

Sam Monday, 05 July 2021 09:10 AM

බලන් හිටපල්ලා නුඹලාට එක එක ඩොලර් 01 එවන්නේ නැහැ. නුඹලගේ හෙන්චයියන්ට සැපදෙන්න නොවේ තානාපතිකම් තියෙන්නේ... 69ත් එක්ක සහයෝගයෙන් ඉන්න එකයි අැත්තේ...

:       0       271

Ruhunu Monday, 05 July 2021 09:25 AM

කොහොමත් ඉතින් පවුලේ දේපල පවුලේ අය බෙදාහදා ගෙන කන්න එපැයි.

:       37       340

jay Monday, 05 July 2021 09:55 AM

ඒ අයට ඕනෑ වෙලාවට රට ගැන තීරණය කරනවා. එයාලාට ඕනේ නම් තනතුරු පතිකරනවා. ඇයි අපි ඡන්දේ දුන්නේ?

:       1       158

AKRAM ASHRAFF Monday, 05 July 2021 10:51 AM

හොරු ඉන්නකන් රට හොඳ තැනකට එන්නේ නෑ...

:       1       232

Nuwan Monday, 05 July 2021 11:11 AM

මෙයාට ලංසු තියන්නේ මහජන මුදල්වලින්... ඒක ඔය කවුරුත් මතක තියාගත්තොත් හොඳයි.

:       0       397

මනීMonday, 05 July 2021 02:54 PM

මේ අය හිතාගෙන ඉන්නෙ වටේ ඉන්න අය වගේ අනිත් හැම මිනිහාම තණකොළ කන හරක් කියලද දන්නෑ. බැසිල් එනවා කියලා බෙර ගහලා වඩම්මලා ලොකු කරලා ගත්තාට මිනිස්සු දන්නවා ඔක්කෝම කම්බ හොරු කියලා. ඊළඟට මිනිස්සු දෙයි ඡන්දෙ මේං කියලා. බලාගෙන හිටපල්ලකෝ. වෙනසක් කරයි කියලා හිතලා මිනිස්සු එකතු වෙලා පත් කරගත්ත එකෙක්. ඔප්පු කරලාම පෙන්නුවා කවුරු ආවත් රට කන එක තමයි කරන්නේ කියලා. තව ටික කාලයක් යං ඔහොම. මිනිස්සුන්ගේ ඉවසීමේ සීමාව දැනටමත් පැනලයි තියෙන්නේ. මිනිස්සු එකතු වෙලා ඔක්කෝටම එලව එලවා ගහන්න පටන් ගන්න වැඩි කාලයක් යන එකක් නෑ.

:       0       436

chandanaMonday, 05 July 2021 03:34 PM

69 ලක්ෂයේ බුද්ධිය ඔච්චර අවතක්සේරු කරන්න එපා. මෙයා 2/3 ඉල්ලුවා විතරයි. ඉල්ලන පරක්කුවෙන්ම දුන්නා. ලබන ඡන්දෙත් ඔච්චරම තමයි.

:       393       376

thushara Monday, 05 July 2021 11:40 AM

එන්න එන්න, 2025 රට බේරාගන්න දියසෙන් කුමාරයා වෙනවට වඩා හොඳයි මේ ගමන්ම දියවෙලා යන එක....!!!

:       0       202

Hafeel Monday, 05 July 2021 12:42 PM

තානාපති තනතුරට හාල්පාරුවන් පත් කරලා හරියන්නේ නැහැ. විදේශ සේවා සහ විදේශ රාජ්‍ය තාන්ත්‍රික පළපුරුදු තියන අය පත්කළ යුතුයි. මේ මර්ජාන් ෆලීල් කිසිම තනතුරු දරන්න සුදුසු නැහැ. ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රි ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ 222 වැනි පුද්ගලයෙක්. මහින්දලාට බුරියානි සපයන්න එ්කට ලැබුණු තෑග්ගක් තමයි මේ මන්ත්‍රී ධුරය...

:       1       232

Dharmatileke Monday, 05 July 2021 01:17 PM

තවත් වැඩ බැරි ‘‘සහෝ‘‘ කෙනෙක්...

:       0       157

Saman Monday, 05 July 2021 01:19 PM

අවිධිමත් සංවර්ධන වැඩවලට හිතු හිතූ විදිහට ණය අරන්... ඒවායෙන් කොමිස් තියාගෙන ගසාකාලා ණය ගෙවාගන්න බැරි වුණාම ඔක්කොම ණය හිමියන්ට විකුණලා විනාශ මුඛයට අරන් ගියා මේ හැමෝම...!

:       0       237

විපරමා Monday, 05 July 2021 01:41 PM

දූෂිත, බලලෝභී බඩගෝස්තරවාදී පවුල් පාලන ආණ්ඩුවක් රජකරන රටක් මුලු ලෝකේම නැතුව ඇති...

:       0       225

ganegodaMonday, 05 July 2021 08:00 PM

මොනවා කිව්වත් වැඩක් නැහැ. උප්පත්තියේදීම මේ මිනිස්සුන්ගේ ලැජ්ජා නහරය කපලනේ...

:       0       12

ගමේ එකාලා Monday, 05 July 2021 02:00 PM

ලොකු කුට්ටියක්, තානාන්තරයක් ලැබෙනවා නම් තව මොනවද? ආර්ථික සංවර්ධන ඇමති වෙලා හිටපු කාලේ හොඳට ගසා කෑවා. බල තණ්හාව ඉහටත් උඩින්... හතර වරිගයම ඉන්න අය බෙදාහදා ගෙන කයි. සිව්පාවන් විතරයි අඩු.

:       0       223

Ranjit Monday, 05 July 2021 02:24 PM

කබලෙන් ලිපට ඇද දමා නන්නත්තාර කර ඇති රටක අනාගතයට බලපාන වැදගත් තීන්දු තීරණ ගන්න අකාරය නම් හරිම ෂෝක්. දැන්නම් හොඳටම සැපයි.

:       0       159

C.K.Lankaputhra. Monday, 05 July 2021 02:32 PM

දැන් ඔය අපේ රට අදාල තීන්දු තීරණ ගන්නේ රාජපක්ෂ පවුල රැස්වෙලා බවයි අපට පෙනෙන්නේ. මීට වැඩිය හොඳ නැද්ද, පාර්ලිමේන්තුව මැදමූලනට අරන් ගියා නම්... වියදමත් අඩුයි. ටික දවසකින් මහ බැංකුවත් එහාටම අරන් ගියානම් බැංකු කොල්ලකන්න හොරු එන්නෙත් නෑ...

:       0       186

Kumara Monday, 05 July 2021 02:46 PM

ඔය අයින්වෙන බයියෙකුට මොනවා දුන්නත් අපිට මොකද?

:       0       26

Anticurruption Monday, 05 July 2021 02:58 PM

අපිත් ඡන්දෙ දුන්නා. වැරැදි හදාගෙන එයි කියලා... දැන් නම් 2015ටත් අන්තයි. මේ පවුල් පාලනය ජනතාවට එපා වෙලා තියෙන්නේ. ආයෙ අපේ ඡන්දේ ඔබලාට නෑ. ඊළඟ වතාවේ අන්ත පරාජයක් ලැබෙනවා. ඒක සිකුරුයි.

:       1       111

විපරමා Monday, 05 July 2021 03:31 PM

එයාලට ප්‍රශ්නයක් නැහැ. හතර වරිගයම ඉන්න කට්ටිය කිට්ටු කරගෙන ඉන්නේ නිකම්ද? පරම්පරා ගානකට ඇති වෙන්න යහමින් හරිහම්බ කරගන්නනේ...?

:       0       125

සමිත සේනක අලුත්ගමගේ. Monday, 05 July 2021 03:02 PM

ජනතාවගේ කෝපය, කලකිරීම හා නොසන්සුන් බව දැන් දැන් පැහැදිළි ලෙස පෙනෙනවා නොවේද? මේ රජයේ නොහැකියාව ඔප්පුකොට හමාරයි. දැන් තියෙන්නේ තවත් බැරි වැඩ නොකර ඉවත්වී යාම විතරයි.

:       0       376

විජිත් Monday, 05 July 2021 04:02 PM

ඔබ ටෙක්නිකලි හරියටම හරි සමිත. නමුත් මේ රට පාලනය කරන්නේ අවංක දේශපාලකයින් නොවෙයි. මේ සිටින්නේ ලෝකයේ අංක 1 මිනීමරු, මංකොල්ලකාරයින් රැලක්... බුදුන් වහන්සේ කියලා තියෙනවා.." තන්හාය ජායති සෝකෝ..." කියලා. මේ හොරුන්ගේ තණ්හාව නිසාම.." තව ටිකක් හොරාකමු. මල්ලිටත් ටිකක්... ආ පුතාව අමතක වුණා. පුතාගේ පුතාටත් ටිකක්... " කියමින් කල්මරමින් රටේ ජනතාවට අයිති වස්තුව චීනාට විකුණමින් ඔවුන්ගේ මඩිය තර කරනවා. වැඩ බැරිබව ඔප්පුවෙලා රට බංකොළොත් වෙන තැනටම ඇවිල්ලා තිබුණත් මේ හොරු අයින් වෙන්නේ නැහැ. ඒ තෘෂ්ණාව නිසයි. මේ සෙල්ලමේ අවසානය ඉතාම ශෝකජනක එකක් වේවි. කන්න බොන්න නැතිවුණාම මිනිස්සු පාරට බහිනවා. අන්තිමට මේ රැල්ල මහා ගඟක් වගේ ගලන්න ගනීවි. ආණ්ඩුව පොලිසිය, හමුදාව කැදවාවී. දවසක් දෙකක් තුනක් ඒ විදිහට යාවි. අවසානයේ හමුදාව ජනතාවගේ පැත්ත ගන්නවා. ලෝකයේ හැමතැනකම සිදුවුනේ එහෙමයි. මොකද හමුදාවේ ඉන්නෙත් ඇට, මස්, ලේ, නහර වලින් සෑදුණු, හොඳ, නරක තේරුම් ගන්න පුළුවන් මිනිස්සුන් නිසා. අන්තිමේදී ගඩාෆිට මහා පාරේදීම සිදුවුණු දේම මේ මැදමුලන හොරු රැලටත්, ඔවුන්ගේ ඉඳුල් බුදින වහල් ගොත්‍රිකයින්ටත් උරුම වේවි...!!

:       0       472

Rex Monday, 05 July 2021 03:50 PM

කරුණාකරලා මෙයාලාට දොස් කියන්න එපා. එයාලාට බලය දුන්නා. මේකේ වගකීම බාරගන්න ඕනෑ. 69 ලක්ෂයට ඇඟ බේරගන්න බැහැ. මෙයාලා කරන වැරැදි හින්දා දුක් විඳින මිනිස්සුන්ගේ වේදනාවට, හොරු කියලා දන්නවා නම් ඇයි ඡන්දෙ දුන්නේ? සහෘද ජනතාවගේ අවදානමට...

:       1       131

Ratawasiya Monday, 05 July 2021 04:31 PM

මොහු නියම නායකත්ව ලක්ෂණ තියෙන මහත්මයෙක්.. මට විශ්විසයක් තියෙනවා මෙතුමා ගැන. අපි අවස්ථාව දීලා බලමු..

:       186       1

aruniMonday, 05 July 2021 07:12 PM

මල්වානේ අයිතිකාරයෙක් නැති මහජන මුදල් හොරකම් කරලා හදපු මාලිගයෙන්ම වැඩ පෙනෙනවා.

:       0       244

Bishan Monday, 05 July 2021 04:55 PM

මිනිස්සු එක පවුලකට බලය දීලා තමන්ගේ වල තමන්ම කපාගන්න බව දකින කොට දුකයි.

:       0       161

ganegoda Monday, 05 July 2021 06:18 PM

ඔය මොන කරණම් ගැහුවත් ‘‘රාජපක්ෂ පවුල් වාදයෙන්‘‘ අපේ රට බේරගන්න අපි කටයුතු කරනවා.

:       0       121

Kautilya Monday, 05 July 2021 07:14 PM

ආගම, භාෂාව, සහ කුලය ඉදිරිය අරන් ඡන්දෙ දැම්ම නිසා බූරුවන් ගෝත්‍රයක් පත්කරලා තියෙන්නේ... චීන්නු ඉන්නතුරු මේ ගෝත්‍රය එළවන්න අමාරු වේවි...!!!

:       0       102

janahitha Tuesday, 06 July 2021 02:07 AM

බන්දුල ගුණවර්ධන, ප්‍රසන්න (මිරිසිකුඩු), රටවිරු ඇමැති... මම යෝජනා කරනවා මින් කෙනෙක්...

:       0       0

nihal Saturday, 10 July 2021 01:46 AM

කාලකණ්ණින්ට කාලකණ්ණි උදව් කරනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 631 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 1174 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1378 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 762 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 725 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 236 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 343 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1732 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site