(සුජිත් හේවාජුලිගේ )
ජාතික ඖෂධ නියාමන අධිකාරියට ලියාපදිංචිය සඳහා ඉදිරිපත් කෙරුණු ඖෂධ අතුරින් සාම්පල් සියයට අනූපහක් 2023 වර්ෂයේදී ජාතික ඖෂධ තත්ත්ව පර්යේෂණාගාරයට ඉදිරිපත් කර නොතිබූ බව ජාතික විගණන කාර්යාලය ඉදිරිපත් කළ වාර්තාවක සඳහන්වේ.
සාම්පල් පරීක්ෂාවකින් තොරව ඖෂධ ලියාපදිංචි කිරීම හේතුවෙන් ගුණාත්මක භාවයෙන් තොර ඖෂධ රටට පැමිණීමේ අවදානමක් පවතින බව එම වාර්තාවේ දැක්වේ.
මේ අතර මේ පිළිබඳව තොරතුරු හෙළි වන විට ඖෂධ වලින් සැලකිය යුතු ප්‍රමාණයක් රෝගීන් භාවිත කර තිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.
අධිකාරිය ඖෂධ ලියාපදිංචියේදී හිතත්වය පරීක්ෂා කිරීම සඳහා ජාතික ඖෂධ තත්ත්ව ආරක්‍ෂණ පර්යේෂණාගාරයට සාම්පලයක් ඉදිරිපත් කළ යුතු බව සෞඛ්‍ය පනතේ 59(4) (ආ) වගන්තියේ පැහැදිලිව දැක්වෙන බව විගණන වාර්තාවේ දැක්වේ.
මේ අතර ව්‍යාපදිංචිය නිදහස් කිරීමේ ක්‍රියාවලිය භාවිතා කිරීමෙන් නැතිවන ගැටළු පිළිබඳව වර්ෂ ගණනාවක සිට විගණන කාර්යාලය නිර්දේශ ඉදිරිපත් කළද ඒ ගැන බලධාරීන් අවධානය යොමු කර නොතිබූ බව එහි සඳහන්වේ.
තවද ඖෂධ වල ගුණාත්මක තත්ත්වය ආරක්ෂාව සහ ප්‍රත්‍යක්ෂ භාවය තහවුරු කරන ලේඛන ඇගයීමෙන් හෝ වෙනත් ක්‍රමවේදයකින් තොරව ප්‍රධාන විධායක නිලධාරීගේ අනුමැතිය මත ලියාපදිංචිය නිදහස් කිරීමේ සහතික 287ක් නිකුත් කර තිබූ බව වාර්තාව සඳහන් කරයි.
ලේඛනගත ඖෂධවල උපරිම සිල්ලර මිල ඉහළ දමන අවස්ථාවලදී අනෙකුත් ඖෂධ වල මිලද ඉහළ දැමීමට අවසර ලබාදී තිබුණද 2023 වර්ෂයේ දී කරන ලද ආසන්නතම මිල පහල දැමීමට සාපේක්ෂව අනෙකුත් ඖෂධවල මිල පහත හෙලන ලෙස දැනුම් දීමට කටයුතු කර නොතිබූ බැවින් මහජනතාවට හිමිකර දිය හැකිව තිබූ මිල වාසිය ඖෂධ සමාගම් විට රඳවා ගැනීමට අවස්ථාව සලසා දී තිබූ බව
වාර්තාවේ දැක්වේ.
මේ තොරතුරු සඳහන් වන්නේ ජාතික විගණන කාර්යාලය ජාතික ඖෂධ නියාමන අධිකාරිය සම්බන්ධයෙන් නිකුත් කර ඇති විගණන වාර්තාවේය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
බාල බෙහෙත් ලෙඩ්ඩුන්ට පොවලා