(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා ප්‍රජා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් “යහපැවැත්ම සදහා සම්බන්ධතා පවත්වාගන්න නමින් ජීවිතයේ සියලු අදියර වල පුර්ණ යහ පැවැත්ම ප්‍රවර්ධනය කිරීම සඳහා ජාතික ව්‍යාපාරයක් අරඹා ඇත.
මෙය ළදරුවන් සිට වයස්ගත වැඩිහිටියන් දක්වා භෞතික, මානසික, සමාජීය සහ ආධ්‍යාත්මික යහපැවැත්ම උදෙසා ක්‍රියාත්මක වන වැඩසටහනකි.
මෙම ව්‍යාපාරය මඟින් ජනතාව සෞඛ්‍ය සපිරුණු ජීවිත රටාවන් පිළිබඳව උනන්දු කරමින්, තමන් , තම පවුල, තම මිතුරන්, ප්‍රජාව සහ පරිසරය සමඟ සබඳතාවය වර්ධනය කිරීමට උනන්දුවක් කිරීමක් සිදු කරනු ලබයි.
තමන්, තම පවුල, මිතුරන්, ප්‍රජාව සහ පරිසරය සමඟ යහපත් සම්බන්දතාවයක් පවත්වාගැනීම තුලින් යහ පැවැත්ම ප්‍රවර්ධනය කිරීම මෙම ජාතික වැඩසටහනේ මූලික අංගයයි. ජනතාව අතර ඒ පිළිබඳව අවබෝධයක් ඇති කිරීම සහ ඔවුන් ඒ වෙනුවෙන් ක්‍රියාකාරීව සහභාගී කිරීම සඳහා වැඩසටහනක් ද මීට ඇතුළත් වේ.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගලධාරී හෝටලයේ පැවැත්වූ උත්සවයක දී මෙම වැඩසටහන ආරම්භ කෙරිණි.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
බාලේ සිට සතුටින් ඉන්න හැටි කියන්න වැඩක් අරඹයි
Srinath Sunday, 19 October 2025 05:40 PM
වැඩේ හොදයි. මෙඩිසින් කම්පැණි වල විටමින් ප්‍රවර්ධනය කරයිද දන්නේ නෑ. දැන් හැමතැනම ෆ්‍රී චෙක් අප් කරලා මොනවා හරි ලෙඩක් කියලා බෙහෙත් දෙනවා. අන්තිමට හොදට හිටපු කෙනත් ලෙඩෙක් වෙලා මල්ල පුරවනවා.