IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


බහින් බස්වීම පිහි ඇනුමෙන් කෙළවර වෙයි

 (බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

ඥාති සොයුරන් අතර ඇති වූ බහින් බස් වීමකින් අනතුරුව සිදුවූ පිහි ඇනුමකින්  පුද්ගලයෙකු ඝාතනයට ලක්ව තවත් අයෙක් බරපතළ තුවාල ලබා ඇතැයි මිරිහාන මූලස්ථාන පොලීසිය කියයි.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ කෝට්ටේ මිරිහාන ගල් වල පාර පදිංචිව සිටි කුඩා ලියනගේ දොන් සජිත් මධුසංඛ 34 යන අයයි.

බරපතළ තුවාල ලද පුද්ගලයා වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇත.

අද( 23)  දෙපාර්ශවය මත්පැන් පානය කිරීමෙන් අනතුරුව  බහින් බස්වීම සිදුවී මෙම පිහි ඇනුම වී ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත.

බරපතල තුවාල ලද පුද්ගලයා රක්වාන පදිංචි කරුවෙකි. කෝට්ටේ මිරිහාන ගල්වල පාර පදිංචි සැකකරු ප්‍රදේශය හැර පලා ගොස් ඇත.

මිරිහාන මූලස්ථාන පොලිසිය පරීක්ෂණ පවත්වයි.

 



අදහස් (0)

බහින් බස්වීම පිහි ඇනුමෙන් කෙළවර වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 489 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site