IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


බෙහෙත් ගන්න ඇවිත් වෛද්‍යවරියට සුද්දයක් දාලා

(කේ බුද්ධික කුමාරසිරි)

මොරගහහේන කුඩාඋඩුව පිං බෙහෙත් ශා⁣ලාවේ පවත්වාගෙන ගිය රජයේ ආයුර්වේද මධ්‍යස්ථානයට  අද  දහවල් යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු එහි සිටි වෛද්‍යවරියට සහ කාර්ය මණ්ඩලයට මරණ තර්ජනය කර ඔවුන් පළඳ සිටි රන් ආභරණ කොල්ල කා ඇතැයි මොරගහහේන පොලිසිය කියයි.

වෛද්‍යවරිය ඇසිඩ් ගසන බවට තර්ජනය කර අනෙක් සේවකයන්ට තියුණු ආයුධය පෙන්වා බියකර මෙම කොල්ලය සිදු කර ඇත.

අදාල වෛද්‍ය මධ්‍යස්ථානය කුඩා උඩුව හන්දිය ආසන්නයේ පිං බෙහෙත් ශාලාවක පවත්වාගෙන යන අතරතුර යතුරු පැදි අනතුරක් සිදු වූ බව පවසමින් කොල්ලකරුවන් පැමිණ ඇති බවත් පසුව වෛද්‍යවරිය වහා ක්‍රියාත්මක වී එම එක් අයකුට ප්‍රතිකාර ලබා දී ඇති බවත් ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසු වෛද්‍යවරියට ඇසිඩ් පෙන්වා ඇසිඩ් ගසන බවට තර්ජනය කර ඇයගේ ගෙල බැදි රත්‍රං මාලය කොල්ල කා වෛද්‍යවරිය ප්‍රතිකාර කාමරය තුළ සිරකර පලා ගොස් ඇති බවත් පොලිසිය පවසයි.

 



අදහස් (1)

බෙහෙත් ගන්න ඇවිත් වෛද්‍යවරියට සුද්දයක් දාලා

fairoos Tuesday, 04 April 2023 12:42 PM

දොස්තරලා ලෙඩාව සුද්ද කරන එක තමයි හැමදාම උනේ .මේක නම් දෙයියෝ සාක්කි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 468 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 251 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1042 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site