IMG-LOGO

2025 මැයි මස 03 වන සෙනසුරාදා


බස් - ලොරි - ගිලන් රථ යෝග්‍යතා හොරට දීලා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

බස්-ලොරි සහ ගිලන් රථ සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියාමනයෙන් තොරව යෝග්‍යතා සහතික නිකුත් කරන බව ප්‍රවාහන කටයුතු පිළිබඳ අමාත්‍යාංශ අනුකාරක සභාවේදී අනාවරණය විය.

එම යෝග්‍යතා සහතික මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියාමනයෙන් තොරව පළාත් සභා වල ලියාපදිංචි ගරාජ මගින් සිදුවන බව ඊට සහභාගී වූ රාජ්‍ය නිලධාරීහු පැවසූහ. 

පාර්ලිමේන්තුවේ දී රැස් වූ මෙම අනු කාරක සභා රැස්වීම සඳහා ප්‍රවාහන මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා කටයුතු පිළිබඳ අමාත්‍යාංශය සහ ඒ යටතේ ඇති ආයතන කිහිපයක් නියෝජනය කරමින් නිලධාරීහු සහභාගී වූහ.

මෙහිදී අදහස් දක්වමින් ප්‍රවාහන කටයුතු පිළිබඳ අමාත්‍යාංශ අනුකාරක සභාවේ සභාපතිනී පාර්ලිමේන්තු මන්ත්‍රිනී නීතීඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවිය පැවසූයේ අදාල යෝග්‍යතා සහතික නිකුත් කරන ගරාජ වල ප්‍රමිතිය, විශ්වසනීයත්වය ඇතුළු ගැටලු පවතින බැවින් ඒ සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීම අවශ්‍ය බවයි.

පොදු ප්‍රවාහනයේදී මගී ආරක්ෂාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක කළ යුතු  යෝජනා සහිත වාර්තාවක් ප්‍රවාහන අමාත්‍යාංශ‍ය මගින් සකස් කොට මාස දෙකක් ඇතුලත ප්‍රවාහන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට ලබා දෙන ලෙස ද අනුකාරක සභා සභාපතිනිය නිලධාරීන්ට දැනුම් දුන්නාය.

එමෙන්ම රියැදුරු වෘත්තීය ප්‍රමිතිගත කිරීම සඳහා වූ යෝජනා මාසයක් ඇතුලත අනුකාරක සභාවට ලබා දෙන ලෙසද එහි සභාපතිනිය ජාතික ගමනාගමන කොමිෂන් සභාවට උපදෙස් දුන්නාය.

 බස් රථ රියැදුරන් මත්ද්‍රව්‍ය භාවිත කිරීමට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය නෛතික ප්‍රතිපාදන ශක්තිමත් කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී  අවධානය යොමු විය. 

රියැදුරකුගේ ශරීරයේ පවතින මත්ද්‍රව්‍ය අනාවරණය කර ගැනීම ඇතුළු තාක්ෂණික යාන්ත්‍රණය විධිමත්ව සකස් කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී කරුණු සාකච්ඡා විය.



අදහස් (2)

බස් - ලොරි - ගිලන් රථ යෝග්‍යතා හොරට දීලා

Sanjeewa Wednesday, 23 April 2025 06:15 PM

බස්වලින් තමයි වැඩිම දුමක් මුදා හරිනේ... මොවුන් පගාව අරගෙන බොරුවට ටෙස්ට් කරනවා. ලංගම බස් අනිවාර්යයෙන් චෙක් කරන්න ඕනේ. රජයේ වාහන තමයි වැඩියෙන්ම පරිසරය දූෂණයව කරන්නේ. මේක නැති කරන්න ඕනේ...

:       0       0

himal Thursday, 24 April 2025 08:55 AM

ප්‍රායෝගිකව ගරාජයක යම් වාහයනයක යෝග්‍යතාව පරීක්ෂා කරන වෙලාවට නිලධාරියෙකුට ගිහිල්ලා බලන් ඉන්න බෑ. එහෙම නම් හැම පරීක්ෂාවක්ම වීඩියෝ කරලා යවන්න වෙනවා. ඒක බලන්න වෙනම නිලධාරීන් යොදවන්න වෙනවා. අන්තිමේදී පරීක්ෂාවට වැඩි මුදලක් පරීක්ෂාව පරීක්ෂා කරන්න යන්න පුළුවන්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

දුම්රිය ටිකට් විභාගකරු අල්ලස් දැලේ කොටුවේ
2025 මැයි මස 02 378 0

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සංචාරක ප්‍රවේශපත්‍ර විභාගකරුවකු රුපියල් 1500/= ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා වි


එ’ජා වෙසක් උළෙලේ ප්‍රධාන ආරාධිතයා අනුර
2025 මැයි මස 02 488 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ නිල සංචාරයක් සඳහා හෙට(3) රාත්‍රියේ දිවයිනෙන් බැහැර යයි.


‘‘සරසවි සිසුවාගේ මරණය ගැන කඩිනමින් කරුණු සොයනවා‘‘
2025 මැයි මස 02 200 0

සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණය පිිඨයේ දෙවැනි වසරේ සිසුවකු නවක වදය හේතුවෙන් දිවි හානිකර ගෙන ඇති බවට තිබෙන චෝදනාව සම්බන්දයෙන් එයට සමිබන්ද පුද්ගලයන්


නවක වධයට එරෙහි වූ ජපුර සරසවි සිසුවකුට පහරදීලා
2025 මැයි මස 02 788 0

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ තෙවන වසරේ සිසුවෙකුට එම වසරේම සහ සිව්වන වසරේ සිසු පිරිසකගේ පහරදීමකින් රෝගාතුර ප්‍රතිකාර සඳහා වැලිගම ප


යුද හමුදා බාරයට ගත් LTTE යේ රත්රන් භාරදෙයි
2025 මැයි මස 02 971 0

එල්.ටී.ටී.ඊ සංවිධානයට එරෙහිව යුද හමුදාව දියත් කළ ක්‍රියාන්විත අතරතුරදී සොයාගන්නා ලද රන් ආභරණ ඇතුළු රත්‍රන් තොගයක් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරි


පිහි ඇනුමකින් අයෙක් මරුට
2025 මැයි මස 02 361 0

මිටියාගොඩ උඩුමුල්ල ප්‍රදේශයේදි පිහියෙන් ඇන අද සවස පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි ගාලු දිසා බාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 502 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 134 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1153 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site