IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


බස් බස් ගැටී හතරක් රෝහලේ

( රංජිත් රාජපක්ෂ    )                  

අධික වේගයෙන් ධාවනය වු පෞද්ගලික බස් රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු ලංගම බස් රථයේ ගැටිමෙන් පෞද්ගලික බස් රථයේ පසුපස කොටස කැඩි ගොස් පෞද්ගලික බස් රථයේ ගමන් ගත් මගින් සිව්දෙනෙකු තුවාල ලබා අද (25) දින වටවල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇති බව වටවල පොලිසිය පැවසිය.

මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ උදැසන 6.40 ට පමණ වටවල කැරොලයිනා වත්ත ප්‍රදේශයේදිය.

ගිනිගත්හේන සිට හැටන් දක්වා ධාවනය වු හැටන් ලංගම ඩිපෝවේ බස් රථය සහ හැටන් සිට මහනුවර දක්වා පෞද්ගලික බස් රථය එකිනෙක ගැටි මෙම අනතුර සිදු වි ඇත.

හැටන් සිට මහනුවර දක්වා අධික වේගයෙන් ධාවනය කර ඇති පෞද්ගලික බස් රථය ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු ලංගම බස් රථය දැක බස් රථයේ තිරිංග ක්‍රියාත්මක කිරිමේදි පෞද්ගලික බස් රථයේ පසුපස කොටස ලිස්සා ගොස් ලංගම බස් රථයේ ගැටිමෙන් පෞද්ගලික බස් රථයේ පිටුපස කොටස දෙකට කැඩිමෙන් මෙම අනතුර සිදු වි ඇති බව අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන වටවල පොලිසිය කියා සිටියේය.

 



අදහස් (4)

බස් බස් ගැටී හතරක් රෝහලේ

ගුණරත්න Monday, 25 November 2024 11:53 AM

ඔය තඩි ඉන්දියන් බස්වල තියෙන ප්‍රස්නයක් තමයි බ්‍රේක් කරනකොට පැත්තකට අදින එක, පාර තෙත නිසා තව ලිස්සන එක වැඩියි. එත් ඉතින් ඕවැනි සුළු කාරණා ගැන වද වෙන්න බස් ඩ්‍රයිවර් උතුමන්ලාට වෙලාවක් නැහැනේ.

:       1       6

Kamal Koyrala Monday, 25 November 2024 12:00 PM

බස් රථය කන්ඩෙම් කළ යුතුයි... වැසි දිනවල පල්ලම් සහිත මාර්ගයේ අධික වේගය සහ අපරික්ෂාකාරී ධාවනය...!

:       0       7

සෙනෙවිරත්න Monday, 25 November 2024 02:54 PM

මේ වගේ බස් එකක් අනිත් රථයට අඩු හානියක් සහිතව දෙකට කැඩෙන අනතුරක් දැක්කාමයි. මම හිතන්නේ කලින් කැඩිලා පාහපු චැසියක් වෙන්න ඇති. මගින්ට අඩු අනතුරක් වෙලා නම් ඒක සතුටට කාරණයක්, මැරෙන්න, අතපය නැතිව ගෙදර යන්න සල්ලි දීලා බස්වල යන්න අවශ්‍ය නැහැනේ...

:       0       2

NB 1343 Monday, 25 November 2024 05:34 PM

ඔන්න මම දවසක් අම්බලන්තොටින් කොළඹ බලා යන බසයකින් 122 මාර්ගයේ කොළඹ ගියා. ඉතින් මාකුඹුර හා නුගේගොඩ අතර ප්‍රදේශයේදී මම ගිය බසයට දකුණු පැත්තෙන් 120 හෝ 138 මාර්ගයේ ධාවනය කරන පුද්ගලික බසයක් වාහන තදබදය නිසා පොලිසියෙන් නතරකළාම පුද්ගලික බසයේ කොන්දා ලංගම රියදුරුට කුණුහරුප කියා තර්ජනය කළා. ඒක පොලිස් නිලධාරින් දැකලා ඒ බසය නවතාගත්තා... මොකද වුනේ කියලා දන්නේ නැහැ. කොහොම වුණත් 138 මාර්ගයේ සියලුම බස් ටිකට් දෙන්නෙත් නැහැ. ඉතිරි මුදල් දෙන්නෙත් නැහැ. වැරැදි හයක් පෙන්වා තියෙන බස්නාහිර මගී ප්‍රවාහන අධිකාරිය ඒගැන බලන්නේවත් නැහැ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 640 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site