
(ප්‍රසාද් රුක්මල්)
බදුල්ල - මහියංගණ - මාර්ගයේ පුවක්ගොඩමුල්ල ප්‍රදේශයේ දී ලංගම බස් රථයක් හා ත්‍රීරෝද රථයක මුහුණට මුහුණ ගැටීමෙන් ත්‍රීරෝද රථයේ ගමන් ගත් පුද්ගලයකු මියගොස් සිව්දෙනකු බරපතළ තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව බදුල්ල පොලිසිය පවසයි .
දෙහිඅත්තකණ්ඩිය ඩිපෝවට අයත් ශ්‍රී ලංගම බස් රථයක් දෙහිඅත්තකණ්ඩිය සිරිපුර සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබියදී ඉදිරියෙන් බදුල්ල සිට රිදිපාන දෙසට ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය කීය .
අනතුරින් මියගිය අය මෙතෙක් හදුනාගෙන නැතැයි පොලිසිය පැවසීය .
මෙම අනතුරින් කාන්තාවක සහ පිරිමි පුද්ගලයන් තිදෙනකු තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග සදහන් කළේය .
අනතුරින් ත්‍රීරෝද රථයට දැඩි ලෙස අලාභහානි වී ඇති අතර බස්රථයටද අලාභහානි වී තිබේ .
අනතුර සම්බන්ධයෙන් ශ්‍රී ලංගම බස් රථ රියදුරු බස්රථය සමඟ අත්අඩංගුවට ගත් බවද පොලිසිය පවසයි .

2025 දෙසැම්බර් මස 18
472
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
252
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1046
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බස් - ත්‍රිරෝද අනතුරින් අයෙක් මරුට:හතරක් රෝහලට