IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


බස් ගාස්තුවේ වෙනසක් නෑ

(යොහාන් භාසුර)

මෙම වසරේ ජූලි මස 1 වැනිදාට බස් ගාස්තු සංශෝධනයක් කිරීමට නියමිතව තිබුණ ද වර්තමාන බස් ගාස්තුවේ වෙනසක් නොවන බව ප්‍රවාහන අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් අද (29) පැවසීය.

වසර මැද නිල බස් ගාස්තු සංශෝධනයට අනුව බස් ගාස්තුව සියයට 7 කින් වැඩි කළ යුතු වුවද ‘කොවිඩ්’ සමයේ ඉහළ දැමූ සියයට 10 ක බස් ගාස්තුවට එම වැඩිවිය යුතු ප්‍රමාණය හිළව් කළ බව එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.

ඒ අනුව රුපියල් 30 ක අවම බස් ගාස්තුව සහ සෙසු සියලුම බස් ගාස්තු දැනට පවතින මුදලේම තව දුරටත් පවතී.

බස් ගාස්තු සංශෝධනය පිළිබඳව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී විශේෂ මාධ්‍ය හමුවක් හෙට (30) පෙරවරුවේ පවත්වා නිල වශයෙන් ජනතාව දැනුවත් කරන බව ජාතික ගමනා ගමන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් තිලාන් මිරැන්ඩා මහතා කීය.

 



අදහස් (0)

බස් ගාස්තුවේ වෙනසක් නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 510 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1057 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site