
(කේ. බුද්ධික කුමාරසිරි)
කොළඹ - අවිස්සාවේල්ල ලෝ ලෙවල් මාර්ගයේ නවගමුව රණාල සුදවිල ප්‍රදේශයේ දී සිසු සැරිය ලංගම බස් රථයක පෞද්ගලික බස් රථයක් ගැටීමෙන් සිදු වූ රිය අනතුරින් තුවාල ලැබූ පාසල් සිසුන් තිදෙනකු කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුලත් කළ බව නවගමුව පොලිසිය පවසයි.
අනතුරින් තුවාල ලැබූ එක් ශිෂ්‍යයකුගේ තත්වය බරපතල බවත් අනිත් සිසුන් දෙදෙනාට තුවාල සිදුව ඇතැයිද කොළඹ ආනන්ද විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් රැගත් බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇතැයි ද පොලිසිය පවසයි.
කොළඹ සිට හැටන් බලා ධාවනය වූ ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයක් පසුකර යාමට උත්සාහ කළ කොළඹ සිට හම්බන්තොට බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් අවිස්සාවේල්ල සිට කොළඹ ආනන්ද විද්‍යාලයට පාසල් සිසුන් රැගෙන යමින් තිබූ ලංගම බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවත් එම අවස්ථාවේදී පාසල් ළමුන් රැගෙන යමින් සිටි බස් රථය මාර්ගය අසල තිබූ අධිබලැති විදුලි කණු දෙකක වැදී නතරව ඇතැයි ද පොලිසිය පවසයි.
අනතුරට සම්බන්ධ කොළඹ සිට හැටන් බලා ධාවනය කරමින් සිටි ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථයේ රියදුරු සහ කොළඹ සිට හම්බන්තොට බලා ධාවනය කල පෞද්ගලික බස් රථයේ රියදුරු යන රියදුරන් දෙදෙනාම අත් අඩංගුවට ගත් බවත් එම සැකකරුවන් දෙදෙනා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් නවගමුව පොලිසියේ උසස් නිළධාරියෙකු පැවසීය
2025 දෙසැම්බර් මස 18
445
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
248
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1035
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බස් අනතුරින් සිසුහු තිදෙනෙක් රෝහලට