
(එච්.එස්.ඒ.නන්දන)
මොණරාගල සිට කොළඹ බලා පරණපාරේ අධික වේගයෙන් ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස්රථයක් හංවැල්ල නගරයේදී අද (02) කාන්තාවක් යටකර මරුමුවට පත් කර අධිබලැති විදුලි කණුවක් ද කඩාගෙන පාරෙන් ඉවතට පැන නැවතී ඇතැයි හංවැල්ල පොලිසිය කියයි.
මියගිය කාන්තාවගේ වයස අවුරුදු 70ක් පමණ වන බවත් ඇය පහළ හංවැල්ල ප්‍රදේශයේ පදිංචි කාරියකි.
පුවක් විකිණීමට පුවක් මල්ලක් ද රැගෙන ඇය කළුඅග්ගල දෙසට යමින් සිටියදී වේගයෙන් කොළඹ බලා පැමිණ ඇති බස් රථය පාලනය කරගත නොහැකි වීමෙන් කාන්තාවද යටකර විදුලි කණුවක් දෙකට කඩාගෙන බෝක්කුව ක් අසල නැවතී ඇත.
බස් රථයට යටවී වැටී සිටි කාන්තාව එම ස්ථානයේ දීම මියගොස් ඇති අතර හංවැල්ල පොලිසිය විසින් ඇයගේ මල සිරුර ශාලාව ප්‍රාදේශීය රෝහලට රැගෙන යාමට ක්‍රීයා කර ඇත.
බස් රථයේ රියදුරු සහ සහයක බියෙන් හංවැල්ල පොලිසියට දිවගොස් භාරවී ඇතැයි පොලිසිය පවසයි. බස්රථයේ කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැති අතර බස්රථයේ ඉදිරිපස ට දැඩිලෙස හානිවී තිබුණි.මියගිය අයගේ පශ්චාත් හදිසි මරණ පරීක්ෂණය අවිස්සාවේල්ල මූලික රෝහලේදී සිදු කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් නුගේගොඩ 6 සහකාර පොලිස් අධිකාරි ගුණවර්ධන මහතාගේ උපදෙස් පරිදි හංවැල්ල පොලිසියේ වැඩබලන ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සුජිත් මහතාගේ මෙහෙයවීමෙන් රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක හේමන්ත මහතා ප්‍රමුඛ පොලිස් සැරයන් වේරගල පොලිස් කොස්තාපල් (89128) රත්නායක (94055) ප්‍රියන්ජන්,(4043) ලක්ෂාන් යන නිලධාරීන් විසින් වැඩි දුර පරීක්ෂණ කටයුතු පවත්වති.
2025 දෙසැම්බර් මස 18
627
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
302
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බස් අනතුරින් කතක් මරුට
Sugath Dissanayaka Monday, 02 December 2024 07:29 PM
බස් කාරයෝ නම් මිනී මරන්නම උපන් ජාතියක්. විශේෂයෙන්ම දුර දුවන බස් උඩින් යන්නේ විදුලි වේගෙන්. මේවා ඇතුලේ මිනිස්සු ඉන්නවා. පාරේ මිනිස්සු යනවා කියන එක හිතන්නේ නෑ. පාරෙ යන්නේ එයාලා විතරයි කියලයි හිතාගෙන ඉන්නේ. බස් රියදුරන් ගැන නම් අළුත් ප්‍රවාහන ඇමැතිතුමා බලන්නම ඕනෑ...
Sunil Monday, 02 December 2024 09:03 PM
මෙම බස්රථවල තාක්ෂණික වර්තාවල් බලන්න කෙනෙක් නැහැ , ලගදී තිරිංග නොමැතිව ධාවනයවූ බස් රථයෙන් වටිනා ජීවිත කිහිපයක් විනාශ වුණා . ප්‍රවාහන අමාත්‍යඅංශයට බැරිනම් වෙනම ආයතනයක් පිහිටුවන්න , හංවැල්ල කොළබ පාර ඉඩ මදිනිසා කවදා හෝ බස් රථ හෝ මෝටර් රථ ගගට විසිවෙනවා ,