IMG-LOGO

2025 ජුනි මස 26 වන බ්‍රහස්පතින්දා


බස් ගාස්තු අඩු වෙයි: සංගම්වලින් දැඩි විරෝධය

(නිමල කොඩිතුවක්කු)

වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට සමගාමිව බස් ගාස්තුව සියයට 2කින් අඩු කිරීමට පියවර ගන්නා බව රජය අද (25) බස් සංගම් වෙත දැනුම්දී තිබේ.

ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල මග නැගුම කාර්්‍යාලයේදී ප්‍රවාහන අමාත්‍යාංශයේ බලධාරීන් සහ බස් සංගම් අතර පැවැති සාකච්චාවකදී මේ බව දැනුම් දී තිබේ.

ජුලි 01 වනදා සිදුකිරීමට නියමිතට වාර්ෂික බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙම හමුව පැවැත්විණ.

ඒ අනුව බස් ගාස්තුව 2%කින් අඩු කිරීමට කටයුතු කරන බවත් පළමු සහ දෙවන ගාස්තුවල සංශෝධනයක් සිදුනොවනු ඇති බවත් ජාතික ගමනාගමන කොමිෂන් සභාව බස් සංගම් වෙත  දැනම් දී තිබේ

එම ගාස්තු පසුව ප්‍රකාශයට පත් කරන බවත් ජාතික ගමනාගමන කොමිෂන් සභාව  එහිදි දැනුම් දී තිබේ.

කෙසේවෙතත් රජයේ යෝජනාවට බස් සංගම් සිය අප්‍රසාදය  පළකර තිබේ.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේ වාර්ෂික බස් ගාස්තු සංශෝධනය සකස් කිරීමේදි ඉන්ධන සූත්‍රය ක්‍රියාත්මක නොවූ බවයි.

ඒ අනුව ජූලි මාසයේදි සිදුවන ඉන්ධන සංශෝදනයේදි ඩීසල් මිළ ඉහළ ගියහොත් බස් හිමියන්ට ගැටලු මතුවන බවද ඔහු තවදුරටත් කීවේය.



අදහස් (2)

බස් ගාස්තු අඩු වෙයි: සංගම්වලින් දැඩි විරෝධය

Nihal Dharmatileke Wednesday, 25 June 2025 04:59 PM

ව්‍යාපාර ලාබේ සහ පාඩු බලාපොරොත්තු විය යුතුමයි. හැම විටකදීම ජනතාව පිදේනියට පත්කිරීමෙන් ලාබෙ බලාපොරොත්තු වෙනවා නම් බස් ව්‍යාපාරයෙන් ඉවත් වෙන්න.

:       0       36

ravin Wednesday, 25 June 2025 07:24 PM

බුරියානි නැතුවම බැහැ වගේ නේද?

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 24 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 165 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2273 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

Our Group Site