IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


බස්නාහිර ලයිසම් ගැටළුව 15 වැනි දායින් අවසන්

 

       (දිල්රුක්ෂි ග්‍රේරු  සහ නිපුන් ගරුක)

පරිගණක පද්ධතියේ බිඳවැටීම් හේතුවෙන් තාවකාලිකව අත්හිටවූ බස්නාහිර පළාතේ ලියාපදිංචි වාහනවල (මෝටර් බයිසිකල් හා ත්‍රී රෝද රථ හැර අනෙකුත් වාහන) වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම ඔක්තෝම්බර් 15 වන සිකුරාදා දින සිට නැවත ආරම්භ කරන බව බස්නාහිර පළාත් ලේකම් කාර්යාලය සඳහන් කරයි.

පරිගණක පද්ධතිය වරින්වර බිඳවැටීම් හේතුවෙන්, දිවයින පුරා වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය පසුගිය දිනයන්හිදී අඛණ්ඩව සිදුනොවුණි.

මේ  පිළිබඳව සලකා බලමින්  තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික නියෝජිතායතනය, බස්නාහිර පළාත්  ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන්, අද (13) පවත්වන ලද සාකච්ඡාවේදී  සියලු කටයුතු යළි යථා තත්ත්වයට රැගෙන කටයුතු කිරීමට  එකඟතාවය පැමිණි බව බස්නාහිර පළාත් ලේකම් කාර්යයාලය පවසයි.

ඒ අනුව වාහන ආදායම් බලපත්‍ර ලබාදීම බස්නාහිර පළාත් මෝටර්රථ දෙපාර්තමේන්තුවෙන්, කොළඹ, ගම්පහ හා කළුතර දිස්ත්‍රික්ක වල සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් සිදුකරන බව නිවේදනය ලේකම්  කාර්යයාලය කියයි.

දැනට පවතින පරිගණක පද්ධතියේ ධාරිතාව සැලකිල්ලට ගනිමින් බස්නාහිර පළාතේ ලියාපදිංචි සියලුම වාහන සඳහා වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම ඔක්තෝම්බර් 27 වන දින සිට යථාවත් කිරීමට අපේක්ෂා කරන බව ලේකම් කාර්යයාලය වැඩි දුරටත් සඳහන් කරයි.

එසේම, www.motortraffic.wp.gov.lk යන වෙබ් අඩවියට අද (13)  සිට පස්වරු 5.00 සිට පසුදා පෙරවරු 7.00 දක්වා පිවිසීමෙන් බස්නාහිර පළාතේ ලියාපදිංචි සියලුම වාහන සඳහා මාර්ගගත ක්‍රමවේදය (online) ඔස්සේ වාහන ආදායම් බලපත්‍ර ලබාගැනීමට පහසුකම්  සලසා ඇති බව  ලේකම් කාර්යයාලය කියයි.

ඒමෙන්ම මීට පෙර දැනුම් දී ඇඇති පරිදි 2021.08.12 සිට කල් ඉකුත්වන  බස්නාහිර පළාතේ ලියාපදිංචි වාහන ආදයම් බලපත්‍රහිමියන්ට 2021.12.31 තෙක් ලබා දී ඇති සහන කාලය තවදුරටත් ක්‍රියාත්මක වන බවද ලේකම් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.

 



අදහස් (0)

බස්නාහිර ලයිසම් ගැටළුව 15 වැනි දායින් අවසන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site