IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


බූස්සෙන් දුරකතන සොයා ගනී

(ඩී.ජී. සුගතපාල)

බුස්ස බන්ධනාගාරයේ අද අලුයම දක්වා කරන ලද සෝදිසි මෙහෙයුමකදි විශේෂ අංශයේ සිර මැදිරි 05ක තිබි ජංගම දුර කතන පහක්, චාජර්,ඩේටා කේබල් සිම් කාඩ්පතක් ඇතුලු උපාංග රැසක් සොයාගත් බව බන්ධනාගාර අධිකාරි කාරයාලය පවසයි.

බන්ධනාගාර උපක්‍රමික බළකාය,බන්ධනාගාර මෙහෙයුම් හා බුද්ධි අංශයේ නිලධාරින් හැත්තෑවක පමණ පිරිසක් සිර මැදිරි 46ක් පූර්ණ පරික්ෂාවකට ලක්කර මෙම දුර කතන සොයාගෙන ඇත.

මෙම දුර කතන සොයාගෙන ඇත්තේ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ දරණු ගණයේ අපරාධකරුවන් රඳවා සිටින සිර මැදිරිවලින් බවද අනාවරණයවේ.

 



අදහස් (4)

බූස්සෙන් දුරකතන සොයා ගනී

podda Friday, 12 July 2024 09:20 AM

බන්ධනාගාර නිලධාරීන්ගෙන් අවංකව රාජකාරි කරන අය නම් මෙහෙම වෙන්නේ කොහොමද ? ඔවුන්ගෙන් බහුතරයක්ම අන්ත දුෂිතයි . අධිකරණ ඇමැතිට කොන්දක් ඇත්නම් මේවා නවත්වන්න පුළුවනි . අපේ බන්ධනාගාර කියන්නේ අපරාධ විශ්ව විද්‍යාල බව ප්‍රකට කරුණක් නේ.

:       0       15

sumanasiri Friday, 12 July 2024 09:51 AM

රටේ මාධ්‍ය හැම ප්‍රශ්නයකටම වග කිව යුතුයි ,මක් නිසාද යත් ඔවුන් පාතාලයේ ,දේශපාලුවන්ගේ අතකොළු විනා සමාජය ගවේෂණය කර සත්‍ය ජනතාවට ඉදිරිපත් නොකරන ආයතන බව නිසාවෙනි.අතිශය බහුතරයක් මාධ්‍යවේදීන් (මාධ්‍යකරුවන් )කාරියන් නළු නිලියන් මෙනි

:       0       13

Bunny Preena Friday, 12 July 2024 10:40 AM

බන්ධනාගාර අධිකාරි මෙවැනි දේවල් වලට සම්පුර්ණ වගකිමනේ බාරගත යුතුයි...

:       1       8

Bamunuarachchi Saturday, 13 July 2024 02:54 AM

මොවුන්ට මේ දුරකථන ලැබෙන්නේ ඔයකියන බන්ධනාගාර නිලධාරීන්ගෙන්ම නේද? ඒ වරද කරන නිලධාරීයක් වහාම රැකියාවෙන් නෙරපන නීති ගෙනාවොත් හිරකරුවන්ට දුරකථන ලැබීම බොහෝදුර‍ට ලැබීම නවත්තන්න පුළුවන් වේවි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 571 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site