IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


බසවක්කුලව වැව් බැම්ම කාපට් කිරීම නවතයි

(බී.ජී. චතුරංග)

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වැව ලෙස සැලකෙන ඉතා වටිනා පෞරාණික වටිනාකමක් සහිත බසවක්කුලම වැවේ (අභය වැව) පෞරාණිකත්වය විනාශ කරමින්, වැව් බැම්ම අවසරයකින් තොරව කාපට් අතුරා සැකසීමට කටයුතු කිරීමට ගත් උත්සහාය වාරිමාර්ග දෙපාර්තමේන්තුව වහා ක්‍රියාත්මක වී එය නවතා දමන ලෙසට මාර්ග සංවර්ධන අධිකාරියට දැනුම් දී තිබේ.

රජයේ ව්‍යාපෘතියක් වන රට පුරා කිලෝමීටර් 1500ක් මාර්ග කාපට් කිරීමේ ව්‍යාපෘතිය යටතේ අනුරාධපුරයේ ප්‍රබල දේශපාලඥයකු මෙහි වැඩ ආරම්භ කර තිබේ.

වැව් බැම්ම පලුදු කර කොටසක කාපට් දැමීමට කටයුතු කරමින් තිබියදී මෙහි වැඩ නවතා දැමීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති

මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් අනුරාධපුර වාරි මාර්ග අධ්‍යක්ෂ ජයන්ත ද සිල්වා මහතා සඳහන් කළේ අවසරයකින් තොරව කාපට් කිරීමට කටයුතු ආරම්භ කර ඇති බව තමාට තොරතුරු වාර්තා වූ වහාම එහි වැඩ නවතා දැමූ බවය.එහෙත් කොටසක ඒ. බී. සී. ගල් අතුරා තිබෙන බවද ඒ මහතා සඳහන් කළේය.

පුරාවිද්‍යා නිලධාරිනියකගේ අනුදැනුම මත මෙම වෑකන්ද මාර්ගය කාපට් අතුරා සංවර්ධනය සිදු කරන බවට ලැබුණු තොරතුරක් හේතුවෙන් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය තුසිත මෙන්ඩිස් මහතාගෙන් කරුණු විමසීමකදී අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කළේ පුරාවිද්‍යා නිලධාරණයකට එසේ අවසර දිය නොහැකි බවය.



අදහස් (4)

බසවක්කුලව වැව් බැම්ම කාපට් කිරීම නවතයි

Pradeep Kumara Wednesday, 24 July 2024 07:56 AM

පෞරාණික වටිනාකමක් ඇති බව සැබවි, නමුත් එම වැව් බැම්ම පොදු ජනයා භාවිතා කරන මාර්ගයක් නම් එය නිසි ලෙස සංවර්ධනය කිරීමෙන් වැවට සිදුවන හානිය කුමක්ද? පෞරාණිකයි කියලා පෙර රජ දවස ඉදිකල ආකාරයෙන්ම පවත්වා ගත යුතුද? වැවට හානියක් නොවන අයුරින් අදට සරිලන ලෙස සංවර්ධනය කලාම ඇතිවන හානිය කුමක්ද?

:       5       9

නිමල් Wednesday, 24 July 2024 08:18 AM

මේ සිදුවීමෙන් කරුණු දෙකක් අනාවරණය වෙනවා. 1 නිලධාරින් තමන්ට පවරා ඇති බලතල මොනවාදැයි නොදැනිම 2. නිලධාරීන් දේශපාලකයන්ගේ අවශ්‍යතාවයන් ඉටු කිරීමේදී නිතිය ඉක්මවා කටයුතු කිරීම

:       0       6

Nihal Wednesday, 24 July 2024 08:45 AM

ඕක මොකක්ද?පෞරාණික සීගිරි රාජධානිය ට කේබල් කාර් දාලා මොඩ් රාජධානියක් කරන්න ලක ලෑස්ති වුණේ,

:       0       4

anuranga Wednesday, 24 July 2024 08:50 AM

අභය වැවට අභය දුන්නාට ස්තූතිය.

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 586 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 290 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1090 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site