IMG-LOGO

බසයක් පෙරළී අයෙක් මරුට 20කට තුවාල

(රොමේෂ් මධුෂංක)

මුලතිව් - යාපනය ප්‍රධාන මාර්ගයේ පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් අද (20) සවස පෙරලී සිදු වූ අනතුරකින් එක් අයකු මිය ගොස් තවත් 20 දෙනකු තුවාල ලබා ඇතැයි මුලතිව් පොලීසිය පැවසීය.

පුදුකුඩිඉරිප්පු සහ මුල්ලිවයික්කාල් අතර ප්‍රදේශයේදී මුලතිව් සිට පුදුකුඩිඉරිප්පු දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මෙලෙස මාර්ගයෙන් ඉවතට පැන පෙරලී යාමෙන් මෙම අනතුර සිදුව ඇත.

බස් රථය ධාවනය වූ අවස්ථාවේදී මාර්ගය හරහා මොනරකු දිව යාම හේතුවෙන් රියදුරු මොනරා බේරාගැනීමට ගත් උත්සහයකදී බස් රථය මාර්ගයෙන් ඉවතට පැන රියදුරුට වේගය පාලනය කරගැනීමට නොහැකි වීමෙන් පෙරලී ගොස් ඇති බවට මූලික පරික්ෂණ වලදී හෙලිවී ඇතැයි පොලීසිය පැවසීය.

අනතුරින් බරපතල තුවාල ලැබූ මගීන් 05 දෙනකු ඇතුලු 21 දෙනකු මුලතිව් රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව එක් අයකු මිය ගොස් ඇති අතර මගීන් සිව් දෙනකුගේ තත්වය බරපතල බවටද මුලතිව් රෝහල් වෛද්‍යවරුන් පැවසූහ.

අනතුර සිදුවන අවස්ථාවේදී බස් රථයේ ගමන්කල සියලුම මගීන් තුවාල ලබා ඇති අතර මුලතිව් පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ සිදුකරයි.



අදහස් (0)

බසයක් පෙරළී අයෙක් මරුට 20කට තුවාල

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 624 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 761 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 322 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site