( එම්.සුසිල් ප්‍රියන්ත)
බලපිටිය මූලික රෝහල ඉදිරිපිට ගාලු පාරේ බවුසරයක් හා ජීප් රථයක් මුහුණට මුහුණ ගැටී එක් අයෙක් මිය ගොස් 5දෙනෙක් බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.
මේ අනතුරින් මියගොස් ඇත්තේ අනතුරට ලක්වූ ජීප් රථය ධාවනය කළ පානනදුර මන්ඩාවල පදිංචි පනස් හැවිරිදි ඇලපාත කංකානම්ගේ ජනක යසේන්ද්‍ර නමැත්තෙකි.
මේ රිය අනතුරින් තුවාල ලැබූ ජීප් රථයේ ගමන්ගත් කාන්තාවක් ,තරුණියක් හා පිරිමි අයෙක්ද බවුසරයේ රියදුරා ,රිය සහයක යන පස් දෙනා බලපිටිය මූලික රෝහලට ඇතුළත් කළ බවත් එයින් ජීප් රථයේ ගමන් ගත් තිදෙනාගේ තත්ත්වය බරපතල බැවින් ඔවුන් තිදෙනාම කරාපිටිය ශික්ෂණ රෝහලට මාරුකර යැවූ බවද පොලීසිය කියයි.
බවුසරයේ රියදුරු සහ රිය සහයක බලපිටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවද පොලීසිය කියයි.
කොළඹ දෙස සිට ගාල්ල දෙසට පැමිණෙමින් තිබූ ජීප් රථයක් හා ගාල්ල දෙස සිට කොළඹ දෙසට යමින් තිබූ බවුසරයක් මෙසේ මුහුණට මුහුණ ගැටී මේ මාරක අනතුර සිදුව ඇතැයි පොලීසිය කියයි.
මේ අනතුරින් ජීප් රථය පොඩිපට්ටම්වී තිබූ අතර බවුසරයේ ඉදිරිපසටද බරපතල හානි සිදුවී තිබේ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
බවුසරය-ජීප්රිය ගැටී අයෙක් මරුට:5ක් රෝහලේ