බීමතින් යතුරු පැදියක් ධාවනය කිරීමේ චෝදනාවන්ට වරදකරු වු පොදුජන පෙරමුණේ ගඟ ඉහළ කෝරළේ ප්‍රාෙද්ශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයකුට මාස දෙකක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කළ ගම්පොල මහේස්ත්‍රාත් නාමල් පෙරේරා මහතා රුපියල් 75,000/- ක දඩයකටද ඔහු යටත් කළේය.
2018 වසරේ සිටම වරින් වර උසාවිය මඟ හැරීම නිසා වරෙන්තු නිකුත් වී සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔහුට මෙලෙස දඬුවම් නියම විය.
මෙලෙස දඬුවම් නියම වුයේ ගම්පොල උඩපලාත ප්‍රාෙද්ශීය ලේකම් කොට්ඨාසයට අයත් ගම්පොල වසමේ සමෘද්ධි සංවර්ධන නිලධාරිවරයා වශයෙන් කටයුතු කළ පොදුජන පෙරමුණේ ගඟ ඉහළ කෝරළේ ප්‍රා දේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයකු වු ගම්පොල නුවර පාරේ අංක 12 පදිංචි මෙරිඤ්ඤගේ මංගල පුෂ්පකුමාර ප්‍රනාන්දු නැමත්තාටය.
2018 සැප්තැම්බර් 25 වැනිදා හෝ ඊට ආසන්න දිනයක ගම්පොළදී රියදුරු බලපත්‍රය, ආදායම් බලපත්‍රය රක්ෂණ සහතිකයක් නොමැතිව බීමතින් යතුරු පැදියක් පැදවීමේ චෝදනා මත ගම්පොළ පොලිසිය විසින් විත්තිකරුට එරෙහිව නඩු පවරා තිබිණී.
2018 වසරේදී විත්තිකරුට එරෙහිව නඩු පැවරූ විට විත්තිකාර මංගල පුෂ්පකුමාර ප්‍රනාන්දු නැමත්තා අදාළ චෝදනාවන්ට තමන් නිවැරදිකරු බව පැවසීම හේතූවෙන් නඩු විභාගය ආරම්භ කරන ලදී.
නඩු විභාගය අතරතුර විත්තිකරු අධිකරණයය මඟහැරීම හේතූවෙන් ඔහු අත්අඩංගුවට ගෙනන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කියම කරමින් අවස්ථා කිහිපයකදීම වරෙන්තු නිකුත් කළ අතර නඩු විභාගය වසර 05ක කාලයක් පුරා පැවැත්වීමට සිදුවිය.
මේ සම්බන්ධයෙන් පැවැති නඩු විභාගයේදී සමෘර්ධි නියාමකවරුන් සඳහා රජයෙන් ලබාදී තිබු මෙම යතුරුපැදිය සඳහා ආදායම් බලපත්රාය” රක්ෂණ සහතිකය මෙන්ම විත්තිකරුගේ රියදුරු බලපත්ර යද නොමැතිව ඔහු බීමතින් යතුරු පැදිය පැදවා ඇති බව මෙන්ම විත්තිකරුට මේ දක්වාම රියදුරු බලපත්රේයද නොමැති බවද අනාවරණය විය.
දීර්ඝ නඩු විභාගය අවසානයේදී අදාළ චෝදනාවන්ට විත්තිකරු වරදකරු බව තීරණය කළ මහෙස්ත්‍රාත්වරයා අදාළ දඬුවම් පැනවීය.
විත්තිකරු බන්ධනාගාර ගත කරමින් දඬුවම් නියම කොට ඇති බව ඇසු ගම්පොල, ඇත්ගාල ,ජයමාලපුර ආදී ප්‍රෙද්ශ වල ජනතාව රතිඤ්ඤා දල්වමින් සතුටු වූ බව වාර්තා විය.
2025 දෙසැම්බර් මස 18
312
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
202
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1000
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බීලා පැදවූ හිටපු පොඑපෙ ප්‍රා. මන්ත්‍රී මාස දෙකක් හිරේ
Bunny Preena Friday, 08 September 2023 09:49 AM
ජනතාවට මෙම දඬුවම සම්බන්ධව සතුට පලකලා නම් ඔහු ජනතාවට මහත් පිළිකුල් ,හිසරදයක් වූ ,අවිනීත ගති පැවතුම් වලින් යුතුව පුද්ගලයෙකු විය යුතුයි
Chandrakantha Monday, 11 September 2023 12:13 AM
ගොඩක් හොඳයි.