IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


බාල ඖෂධ කඩිනමින් ඉවත් කරන්න

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

රට පුරා රෝහල්වල ඇති බාල ඖෂධ කඩිනමින් භාවිතයෙන් ඉවත් කිරීමට කටයුතු කළ යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කරමින් පැවසීය.

රෝගීන්ගේ ජීවිත මතින් ගොස් මඩිය තර කර ගැනීමට කටයුතු කළ සියලු පාර්ශවයන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට රජය වහාම කටයුතු කළ යුතු බවද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

රට පුරා ඖෂධ හිඟවීම්, වෛද්‍ය උපකරණවල හිඟය, ඖෂධ ප්‍රමිතියෙන් තොරවීම, රෝගී සත්කාරක ගැටලු සහ නොසැලකිලිමත්කම හේතුවෙන් රෝගීන්ගේ ජීවිත අහිමිවීම් පිළිබඳව මේ දිනවල බොහෝ සෙයින් අසන්නට ලැබෙන බව කී ප්‍රේමදාස මහතා  දිගින් දිගටම සිදුවන මෙම සිදුවීම් අපට සුළු කොට තැකිය නොහැකි යැයිද සුළු රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලැබීමට රෝහල් ගත වූ පිරිස් ප්‍රතිකාර සඳහා ලබා දුන් ඖෂධ හේතුවෙන් ක්ෂණිකව ජීවිතක්ෂයට පත්වීමට තුඩු දුන් හේතු පිළිබඳව කඩිනමින් පරීක්ෂා කර තවදුරටත් එවැනි සිදුවීම් වාර්තා වීම වලක්වාලීමට පියවර ගත යුතු බවද සඳහන් කළේය.

මෙරට ජනතාව නිදහස් සෞඛ්‍ය සේවාව භුක්ති විඳීමට පවා බියක් ඇති වන පරිදි රෝගී සත්කාරක සේවා ලබා ගැනීමට ගොස් ජීවිත අහිමිවීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යවරයා තවමත් නිහඬව සිටින්නේ ඇයිදැයි සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කළේය.

රෝගී ජීවිත අවදානමට පත් වීම ගැන  රජය විධිමත් පරීක්ෂණයක් සිදු කර තිබේ දැයි ප්‍රශ්න කළ සජිත් ප්‍රේමදාස මහතා පසුගිය වසර තුනේ ලියාපදිංචියකින් තොරව හදිසි මිලදී ගැනීම් ලෙස කොපමණ ඖෂධ ප්‍රමාණයක් ගෙන්වා තිබේ දැයි විමසීය.



අදහස් (0)

බාල ඖෂධ කඩිනමින් ඉවත් කරන්න

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 484 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site