IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


බලශක්ති ක්ෂේත්‍රයට ඇමරිකාවේ සහය

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ වර්ධනයට අවශ්‍ය තාක්‍ෂණික සහ සෙසු සහය ලබාදීමට ඇමරිකානු රජය කැමැත්තෙන් පසුවන බවත් ඉහළ ජනවරමකින් බලයට පත්වූ නව ආණ්ඩුව ලාංකීය ජනතාවගේ අභිලාශයන් ඉටුකරනු ඇතැයි දැඩි අපේක්‍ෂාවෙන් පසුවන බවත් ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනී ජූලි චංග් මහත්මිය පවසන්නීය.

ඇමරිකානු තානාපතිනී ජූලි චංග් මහත්මිය කොළඹ 7, පිහිටි බලශක්ති අමාත්‍යංශයේදී බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා අද (9) හමුවූ අවස්ථාවේදී එසේ පැවසුවාය.

මෙරට පුනර්ජනනීය විදුලිබල ක්ෂේත්‍රය සඳහා ඇමරිකානු රජයේ සහයෝගය බලාපොරොත්තු වන බවත් ශ්‍රී ලංකාවේ සුවිශේෂී මිතුරු රටක් ලෙස ඇමරිකාවේ මිත්‍රත්වය සහ සහය ඉහළින් අගය කරන බව ද එහිදී බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පැවසීය. 



අදහස් (1)

බලශක්ති ක්ෂේත්‍රයට ඇමරිකාවේ සහය

Roshan Tuesday, 10 December 2024 01:38 AM

මෙයා තමයි දැන් ලංකාවේ ක්‍රෂ් එක... ලයිට් බිල අඩුකරමුද කියලා අපි මෙයාගෙන් අහමුද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 614 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1097 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site