
(අංජුල මහික වීරරත්න)
ඓතිහාසික බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ 2023 වාර්ෂික ඇසල පූණ්‍යෝත්සවය සහ පෙරහර මංගල්‍ය පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වීමට ජනාධිපති කාර්යාලය තීරණය කළේය.
බෙල්ලන්විල ඇසල පුණ්‍යෝත්සවය සහ පෙරහර මංගල්‍ය 73වන වරටත් අගෝස්තු 2 වැනිදා සිට 20 වැනිදා දක්වා උත්කර්ෂවත්ව පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.
මෙහි සංවිධාන කටයුතු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
බෙල්ලන්විල රජමහා විහාරාධිපති බෙල්ලන්විල ධම්මරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදී බෙල්ලන්විල ඇසල පෙරහර කමිටුව සංවිධාන කටයුතු කරයි.
පෙරහර මංගල්‍ය සඳහා වාර්ෂිකව දායකත්වය දෙන රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතනවල සම්පත් දායකත්වය මෙවර ද ලබා ගනිමින් පුණ්‍යෝත්සවයේ කටයුතු සාර්ථක කර ගැනීම පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් විය.

2025 දෙසැම්බර් මස 18
509
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1057
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බෙල්ලන්විල ඇසළ පෙරහර රාජ්‍ය අනුග්‍රහයෙන්
ලුම්බිණි Thursday, 29 June 2023 01:28 PM
මිනිස්සු රවටන්න අවශ්‍ය නිසා මිසක් පෙරහැරවල් මොකටද රාජ්‍ය අනුග්‍රහයෙන් කරන්නේ?
Siri Thursday, 29 June 2023 02:01 PM
එතකොට මිහින්තලේ පොසොන් පිංකම...?