IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


‘‘බලය බෙදන්නේ නම් රට ගොඩනගන්න උදව් කරනවා‘‘

(ලක්ෂ්මී ජයකොඩි)

ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීම වෙනුවෙන් උපකාර කිරීමට ඩයස්පොරා ප්‍රජාව සුදානමින් සිටින බවත් ඒ සඳහා මෙරට බලය බෙදීමේ ක්‍රියාවලිය කඩිනම් වනු ඇති බවත් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්ම් සානක්‍යන් මහතා පවසයි.

එමෙන්ම සියලුම පාර්ශව පිළිගත හැකි ජාතික වැඩපිළිවෙලක් ජනාධිපතිවරයා ඉදිරිපත් කරන්නේ නම් දෙමළ ජාතික සන්ධානය සර්ව පාක්ෂික ආණ්ඩුවට සහයෝගය ලබා දෙන බවද මන්ත්‍රීවරයා සඳහන් කරයි.

ඩයස්පෝරා සංවිධාන කිහිපයක තහනම ඉවත් කිරීම පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව කීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කණ්ඩායමක් , ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමක් හා සමඟි ජනබලවේගය සමඟ දෙමළ ජාතික සන්ධානය ජනාධිපති ධුර අපෙක්ෂක ඩලස් අලහප්පෙරුම මහතාට ඡන්දය ලබා දුන්නා. ඔහුට අපි ඡන්දය ලබාදුන්නේ සර්වා පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමේ අරමුණින්.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවමින් රටේ ආර්ථිකය නිවැරදි මඟට ගෙන එම අපට තිබුණු එකම විසඳුම වුණා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්දය ලබාදී ඔහු ජනාධිපතිවරයා බවට පත් කළා. අවම පිටතින් අගමැතිවරයෙකු පත් කරනු ඇතැයි කියා මම සිතුවා. නමුත් එහෙම වුණෙත් නැහැ.

පවතින අමාත්‍ය මණ්ඩලය දෙස බැලු විට පෙන්නේ පැවති ආණ්ඩුව වගේමයි. වැඩි වෙනසක් දකින්නේ නැහැ.

මෑතකදි අපි ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කළා. දෙමළ ජනතාවගේ ප්‍රශ්න අපි ඉදිරිපත් කළා. එහිදි අපි ඉතා පැහැදිලිව පැවසුවේ සියලු පාර්ශවවලට පිළිගත හැකි ජාතික වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්නේ නම් සර්ව පාක්ෂික ආණ්ඩුවට සහයෝගය ලබාදිය හැකි බවයි.

 



අදහස් (20)

‘‘බලය බෙදන්නේ නම් රට ගොඩනගන්න උදව් කරනවා‘‘

චන්දන Thursday, 18 August 2022 07:38 AM

මේ එන්නේ වෙන පොටකට. වෙනම රාජ්‍ය සංකල්පය අතහැරල නැහැ . සල්ලි වලට රට විකුණන්න එපා . මෙයාල නැවත තහනම් කරන්න .

:       5       16

උදාසීන සිංහළයThursday, 18 August 2022 02:31 PM

උතුර දෙමළ ජාතීන්ටද, නැගෙනහිර මුස්ලිම් ජාතීන්ටද රටේ බලය බෙදලා දෙන්න..! එවිට පෙනෙයි උදාසීන සිංහළයාගේ තරම..!

:       0       0

soma Thursday, 18 August 2022 07:47 AM

බලය බෙදන්නේ නැතිව රටට වැඩ කරන්න බැරි ඇයි.?

:       3       20

කම්මැළි සිංහළයාThursday, 18 August 2022 02:44 PM

හේතුව කම්මැලි සිංහලයා අරගල කරන්න දක්‍ෂයි. උතුරේ දමිළයා උදැල්ලෙන් වැඩ දක්‍ෂයි..!!

:       0       0

Gamunu Thursday, 18 August 2022 08:01 AM

ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීම වෙනුවෙන් උපකාර කිරීමට ඩයස්පොරා ප්‍රජාව සුදානමින් සිටින්නේනම් බලය බෙදීමේ ක්‍රියාවලියට පෙර උතුරු නැගෙන හිර දුප්පත් ජනතවගේ ප්‍රසන සදහා විසදුම් ලබාදෙන්න. දෙවනුව උතුරු නැගෙන හිර දුප්පත් ජනතව ඉලාසිතින්නේ ජීවිතය මිස බලය බෙදා හැරීමක් නොවේ. ඔවුන් දේශපාලකයන් වෙත පැමිණෙනුයේ රැකියාවක්, වියාපාරයක් හෝ වෙනත් කටයුත්තක් සදහා සහයෝගයක් බලාපොරොත්තුව මිස බලය බෙදා හැරීම පිලිබදව සකජා කිරීමට නොවේ. මේවන විට ද්‍රවිඩ තරුණය රටින් පිටව වීම සිදුවන්නේ ඔවුන්ගේ දේශපාලකයන් පසුගිය දසක 70ක කාලයක් රජයට සම්බන්දව ජනතවගේ ප්‍රසන සදහා විසදුම් ලබානොදී විපක්ෂයේ සිට සියලු වරප්‍රසාද ලබමින් බලය බෙදා හරිම පිලිබදව කතාකරනවා හැර ඔවුන් ද්‍රවිඩ ජනතවගේ මුලික අවශ්‍යවයන් toilet හෝ බිමට ජලය හෝ ජීවත්වීමට නිවසක් පිලිබදව කතා නොකරන බවකි

:       3       11

devanayagam Thursday, 18 August 2022 08:11 AM

මහින්ද රාජපක්ෂ ජනාධිපති කාලේ ඉන්දියාවට පොරොන්දුවුනා ,අපේ රටේ බලය බෙදද්දී 13 ප්ලස් දෙනවා කියලා. අපි ඉල්ලුවේ 13 අපිට දෙන්න කියලා. මහින්ද කිව්වා 13 නොවෙයි 13 ප්ලස් දෙනවා කියලා. දැන් රටේ ෂල්ලි ඔක්කොම මහින්දලා හොරකම් කරලා ෂල්ලි නැහැ.අපිට ෂල්ලි තියෙනවා.අපි ෂල්ලි දෙනවා අපිට වහාම 13 ප්ලස් දෙන්න.නිදහසට කලින් නිදහස ඉල්ලලා සටන්කලේ අපි ඔක්කොම.නිදහස ගත්තාට පස්සේ සිංහල අයගේ අදහස් වෙනස් කලේ සාධුලා. මොකද ඒ කාලේ බස් ,නැව් බිස්නස් කලේ සාධු කෙනෙක්.මිනිහා චන්ඩියෙක්. පස්සේ සිංහල භාෂාව රටේ භාෂාව කියලා ප්‍රශ්න ඇතිකළා.බණ්ඩාරනායක චන්දෙ දිනුවේ ජාති බේද ඇතිකරලා.අන්තිමට සාධු කෙනෙක්ම එයාව මැරුවා.අපිට වෙනම රටක් එපා.නමුත් රටේ ඔක්කොටම ගවුරවාන්විතව ජිවත්වන්න සුදුසු පරිසරයක් ගොඩනගන්න.එදා අපේ දෙමල සහෝදරයින්ව මරපු සිංහල හමුදාව අද අපේ සිංහල සහෝදරයින්ව මරනවා. උස්සනවා. ලංකාවේ දේශපාලකයිනේ නුඹලා ගැන නොවෙයි මට මම ගැනම ලැජ්ජයි මේ රටේ මිනිසෙක් වෙලා ඉපදීම ගැන.

:       9       7

කිරි පුතා Thursday, 18 August 2022 08:29 AM

ඔය එන්නෙ අරගලයේ හඬ. රනිල් උන්නැහේ වත් ගෙදර අරින්න තමයි කොටි තප්පුලන්නෙ

:       7       14

ruwan Thursday, 18 August 2022 08:59 AM

ඕක කරගන්න පුදුම අමාරුවක්නේ තිබ්බේ කට්ටියට...!

:       0       0

ranjith Thursday, 18 August 2022 09:12 AM

ප්‍රාදේශීය සභා මට්ටමට බලය විමධ්‍යගත කරලා ග්‍රාම රාජ්‍ය ක්‍රමය ඇතිකර ස්වාධීනව එම පළාත් දියුණු කරගැනීමට ඉඩ සලස්වන්න. රට කෑලි 2-3 කට කඩන එක අර්බුද රැසකට මගපෙන්වන්නක්...

:       0       0

දිලිත් Thursday, 18 August 2022 10:01 AM

ඩයස්පෝරාව කියන්නෙ දමිල පමණක් නොවේයැයි කියූ පණ්ඩිතයින් කෝ දැන් ?

:       4       17

බද්රානිThursday, 18 August 2022 02:57 PM

දිලිත් මහත්තයෝ, වෙනස තියෙන්නේ සිංහල ඩයස්පෝරාවට වඩා, දෙමළ ඩයස්පෝරාව බලවත්... ඒ වගේම ඔවුන් බුද්ධිමත්. තම රටින් පිට වාසය කරන එකම ජාතියක් ලෙස ඔවුන් එකමුතුයි. තම ජාතියට වර්ගයාට ගරුකරන විශේෂයෙන් පිටරටකදී එකිනෙකාට උදව් උපකාර කරගන්නා සුවිශේෂ ජාතියක්. පිටරටවල වෙසෙන අනෙකුත් විදේශීය ජාතින්ගේත් ඒ විශේෂ ලක්ෂණය තියනවා. ඒත්, අමන සිංහලයා එහෙමද? පිටරටවලදී පවා, දේශපාලන පක්ෂවලට බෙදී, ආගම්වාද මුල්කොට ගනිමින්, අනෙකාට විනකරමින් ජීවත් වෙන අධම, වහල් මානසිකත්වයකින් යුත්, ගෝත්‍රික මනුෂ්‍ය කොට්ඨාශයක් නේ... ඉතින් ඔහෙට ඒ වෙනස නොතේරුණාට අපි මොනවා කරන්නද? කේ.පී. සතුව තිබුණු දෙමළ ඩයස්පෝරාවේ වත්කම්, නරුම සිංහල පාලකයින් (රාජපක්ෂලා) මංකොල්ල කෑ එම මුදල් වලින් අදටත් නින්දිත අල්ලස් දේශපාලනය කරන බව ඔබ දන්නවාද...?

:       0       0

BamunuarachchiFriday, 19 August 2022 07:24 AM

මොන අරගලයක්ද හලෝ ඔය එන්නේ ප්‍රබාකරන්ගේ හඬ? බස්එක පැද්දෙන කොට සීට් එක අල්ලගන්නයි ඔය හදන්නේ. මොවුන් අරගලයට සම්බන්ධ නැහැ. ඒත් අරගලයට සපෝට්... මොකද අරගල අස්සේ ඒ ගොල්ලන්ගේ වල ඉහගන්න...! 

:       0       0

BamunuarachchiFriday, 19 August 2022 07:25 AM

එයා අපිට ඩයස්පෝරාව ගැන උගන්වන්න ආවා නේද...?

:       0       0

sharm warn Thursday, 18 August 2022 10:45 AM

ඇයි බලය බෙදන්න ඕනෑ කියලා ඇහුවොත්...?

:       0       0

ganegoda Thursday, 18 August 2022 11:54 AM

ඒ උදව් උපකාර නැතුවට කමක් නැහැ ....!

:       5       11

anura Thursday, 18 August 2022 12:32 PM

මුලින්ම පෙරහැරේ අරගල කසකාරයෝ ගියා දැන නලා කාරයෝ එනවා....

:       6       14

පිටිගල මිලානෝ Thursday, 18 August 2022 03:24 PM

දෙමළ ඩයස්පෝරාවේ ව්‍යාපාරවල එකම සිංහල ආයෝජකයා ආදරණීය අප්පච්චී සහ ඔහුගේ ගිනිකන පුතාලාය. ඒ කියන්නේ අපිත් වක්‍රාකාරව එහි ආයෝජකයන් වී ඇත.

:       0       0

ruwan Thursday, 18 August 2022 03:49 PM

ඕකට නේද දැඟලුවේ...? දැන් ඉතින් උතුර එයාලට දීලා නැගෙනහිර අරයලාට දීලා අරගලකාරයින්ට ගාලුමුවදොර දීලා අනිත් අය මූදට පනින්න.

:       0       0

Prase Thursday, 18 August 2022 06:07 PM

අනේ එපා අපි හොඳින්

:       0       2

Bamunuarachchi Friday, 19 August 2022 07:19 AM

දෙමළ බළලා පැන්නේ මල්ලෙන් එළියට. ඔය ඉල්ලීම් එන බව බමුණුආරච්චි කලින්ම කිව්වා. බලය බෙදන්නත් එපා.. මේ රටට එන්න දෙන්නත් එපා. බලය බෙදුවාම ඔවුන් මොකටද රටම ගොඩගන්නේ...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 444 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1035 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site