IMG-LOGO

බලයට ආ විගස පාස්කු වින්දිතයන්ට යුක්තිය ලබා දෙනවා

(නිමල කොඩිතුවක්කු)

වසර 4ක් ගත වී ඇතත් පාස්කු ප්‍රහාරයෙන් අගතියට පත් පාර්ශ්වයන්ට කිසිම විසදුමක් නොලැබුන බවත් මේ මොහොත වන විටත් එම ප්‍රහාරය සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරක් අනාවරණය කර ගැනීමට නොහැකි වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී  පැවසීය.

පාස්කු ප්‍රහාරය පිටුපස රහස් න්‍යාය පත්‍රයක් ඇති බවත් එය සඟවා තැබීමට කිසියම් පාර්ශ්වයක් කටයුතු කරන බවත් විපක්ෂ නායක වරයා ප්‍රකාශ කළේය.

ඒ හේතුවෙන් පාස්කු ප්‍රහාරයෙන් අගතියට පත් පාර්ශ්වයන්ට යුක්තිය ඉටු නොවූ බවත් පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් කොළඹදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු කීවේය.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් වන පර්යේෂණ කටයුතු සඳහා විවිධ ඇගිලි ගැසීම් පවතිව බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමගි ජන බලවේගය බලයට පත් වූ විගස ස්වාධීන පරීක්ෂණයක් හරහා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන්ට සහ පාර්ශ්ව කරුවන්ට තරාතිරම නොබලා දඩුවම් ලබා දෙන බවත් ප්‍රේමදාස මහතා කීවේය.

ස්වාධීන දේශීය හා ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වා සිදු කරන මේ ක්‍රියාවලියේ දී ඊට සම්බන්ධ කිසිදු පුද්ගලයකුට ගැලවීමට ඉඩ ලබා නොදෙන බව ද විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.



අදහස් (12)

බලයට ආ විගස පාස්කු වින්දිතයන්ට යුක්තිය ලබා දෙනවා

Rajeev Friday, 21 April 2023 03:46 PM

බලයට එන්න පුළුවන්ද? ඔයාට අවුරුදු ගාණක් තිස්සේ ඔයා කියනවා. අපි අහනවා තවමත් බලයක් නැහැ... හිනා ගස්සන්න එපා මහත්මයෝ...

:       9       23

SurainFriday, 21 April 2023 05:49 PM

ඔයාගේ කමෙන්ට් එක ඔයාම මෝඩයෙක් කරගන්නවා. එතුමාට බලයක් නැතිව විසඳුමක් දෙන්න පුළුවන් දෙයක් නෙමෙයි මේ මිනීමරුවන්ට

:       3       13

කිරිපුතා Friday, 21 April 2023 03:50 PM

දැන් ඒ ම්ලේච්ඡ සිද්ධියත් දේශපාලකයින්ට ඡන්ද ගුණ්ඩුවක් වෙලා...!

:       4       20

Surain Friday, 21 April 2023 05:46 PM

ඔබතුමාවත් එය කළයුතුයි. මෙතෙක් කිසිම පාලකයෙක් යුක්තිය ඉටුවන කිසිම සාධාරණ වැඩක් කෙරුවේ නැහැ...

:       8       8

BamunuarachchiSaturday, 22 April 2023 07:25 PM

කොරයි කොරයි බලාගෙන ඉන්න. පාස්කු ප්‍රහාරය සිද්ද වෙන කාලේ මෙයා කොහේද හිටියේ? බලයේ හිටපු ආණ්ඩුවේ නොවෙයිද?

:       0       3

duolicate ralahami Friday, 21 April 2023 07:32 PM

ඔබතුමා බලය ලැබෙනකම් ඉන්න එපා. පුද්ගලික මට්ටමින් මේ පිළිබඳව කමිටුවක් පත්කරලා කරුණු සෙවීම, සාක්ෂි එක්රැස් කිරීම දන්න පටන් ගන්න මේක ඉතාම බරපතල මිනීමැරුමක් නේද?

:       1       4

මහසෙන් Friday, 21 April 2023 08:10 PM

මේ වෙන්න ජනපති ඒ තනතුරට ආවම කරනවා කියලා මේ වෙනකම් දිවුරා පොරොන්දු වුණු කාරණා මෙයාටවත් මතකද දන්නෑ. හැබැයි පාස්කූ ප්‍රහාරය වෙලා පැය කීපයක් යනකොට මේ සිංහ නාද දාන මෙයත් ටික දවසක් යනකම් අතුරුදහන් වෙලා උන්නේ... ජනාධිපති හීනේ දැන් හොඳටම තදවෙලා. කමක් නෑ. ස්ථිරයි ඔයා ඊළඟ ජනපති නොවේ. මෙතෙක් කල් උන්නු අයගෙයි, ඔයාගෙයි වෙනස ඉස්සෙල්ලා රටට කියන්න. හිතළු නෙවෙයි..

:       1       9

Peduru Friday, 21 April 2023 08:15 PM

බලයට ආවොත් ඒක කරන බව හැමෝම කියනවා නේද? බලයට එන්න ඉස්සර යමක් කරන්න බැරි ඇයි?

:       0       8

Jayalath Saturday, 22 April 2023 07:51 AM

ඔක්කොම කරන්න බලයට එන්න එපායැ බලයට එයිද දන්නේ නැහැ...

:       0       0

Pradeep Kumara Saturday, 22 April 2023 08:25 AM

බලය ගන්න හැමෝම එකඑක ජාතියේ පොරොන්දු දෙනවා. නමුත් බලයට ආවාම හැමෝගේම තියෙන්නේ එකම න්‍යාය පත්‍රයක්. ඒක අවුරුදු ගාණක් තිස්සේම ඉඳන් සිදුවෙන දෙයක්. ඔයාගේ ඉතිහාසය දිහා බැලුවාම ඒකේ වෙනසක් වෙයි කියලා හිතන්න බෑ. ඒ නිසා කෙනෙකුගේ ලේ, කදුළු උගසට තියලා බලයට එන එක වෙනුවට පොදුවේ රටේ සහ වැසියන්ගේ දියුණුවට ප්‍රායෝගිකව කළහැකි දෙයක් යෝජනා කරන්න.

:       0       0

M m Saturday, 22 April 2023 12:32 PM

අම්මෝ ඔව්, නියමෙටම දඬුවම් දෙයි... ඔයාගේ හැටි අපි දන්නවා... හරි උගත්, බුද්ධිමත් පුද්ගලයෙක් කියලා. අනේ මොවුන්ගේ දේශපාලනය නිකන් මෝඩ තකතීරු කතා කියන්න එපා. ඔබල එදා ඉඳලාම කරනවා කරපු එක දෙයක් කියපල්ලා... කවුරු ආවත් කරන එකම දේ ඒ සම්බන්ධව හොයන්න කොමිසම් පත් කරනවා. බොරුවට වියදම් කරනවා.. එච්චරයි කරපු දෙයක් නැහැ.

:       0       0

LGPJ Saturday, 22 April 2023 01:47 PM

ඔව්... කවදාද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 183 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 692 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1090 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site