IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


බලපත් රහිත මත්පැන් නිෂ්පාදනාගරයක් වටලයි

(කේ බුද්ධික කුමාරසිරි)

කුලී පදනම මත ලබා ගත් නිවසක මාස තුනක කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය බලපත් රහිත මත්පැන් නිශ්පාදනාගාරයක් කඩුවෙල  ප්‍රදේශයේ දී වටලා එක් සැකකරුවකු සමගින් මත්පැන් බෝතල් තොගයක් අද (28) දින අත් අඩංගුවට ගත් බව සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය පවසයි.

ආනයනය කළ  විස්කි බවට පවසා මෙම මත්පැන් බෝතල් ඉහල මිල ගණන් යටතේ අලෙවි කර ඇති බවට අනාවරණය වී ඇත.

ලද තොරතුරක් මත උපාය දූතයෙකු යොදවා මත්පැන් බෝතල් කිහිපයක් මිලදී ගැනීම සදහා මීගමුව ප්‍රදේශයේ සැකකරු හමු වී එම මත්පැන් බෝතල් විකිණීමට යාමේදී සැකකරු අත් අඩංගුවට ගෙන සිදුකල ප්‍රශ්න කිරීමේදී ලද තොරතුරු මත එම නිශ්පාදනගාරය වැටලීමට කටයුතු කර ඇත

ඉතා ජනාකීර්ණ සුඛෝපභෝගී නිවාස රැසකින් වට වූ ස්ථානයක පාලුවට ගිය නිවසක මෙම මත්පැන් නිශ්පාදනාගාරය පවත්වාගෙන ගොස් තිබූ බවද එම ඒකකය පවසයි.

එම නිශ්පාදනාගරයෙහි තිබී සාදන ලද මත්පැන් ස්ප්‍රීතු ලීටර් 114  ,  අධි සැර ස්ප්‍රීතු ලීටර් 76  සහ නිමි බෝතල් 54 ක්  හිස් බෝතල් 96 වර්ණක කෑන් 01 ලේබල් මූඩි සහ නිශ්පාදනයට අවශ්‍ය යාන්ත්‍රික උපකරණ කිහිපයක් අත් අඩංගුවට ගෙන ඇත.

සැකකරු මීරිගම ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 54 හැවිරිදි පුද්ගලයෙකි. එම සැකකරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත වේ.

 

 



අදහස් (0)

බලපත් රහිත මත්පැන් නිෂ්පාදනාගරයක් වටලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 635 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 306 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site