වොෂින්ටනයේදීය (රොයිටර්)
ඇමෙරිකාවේ නව රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලයිකන් සිය පළමු විදෙස් සංචාරය ආරම්භ කරමින්, ජපානයට ගියේය. මෙය බ්ලයිකන්ගේ පළමු ආසියානු සංචාරය ද වෙයි.
බ්ලයිකන් සමඟ මෙම සංචාරයට ඇමෙරිකාවේ පෙන්ටගන් ප්‍රධානී ලොයිඩ් ඔස්ටින් ද ජපානයේ ටෝකියෝ අගනුවර බලා පැමිණියේය. පෙන්ටගනය යනු ඇමෙරිකා යුද දෙපාර්තමේන්තුවය.
ජපානය සහ ඇමෙරිකාව අතර රාජ්‍ය සබඳතා පමණක් නොව, හමුදා සබඳතා ද ශක්තිමත් කර ගැනීමේ අරමුණ ඇතිව, බ්ලයිකන් සහ ඔස්ටින් දෙදෙනා ජපානයට පැමිණි බව ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
පසුගිය දා ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සහ ජපාන අග්‍රාමාත්‍ය යොෂිහිදෝ සූගා අතරේ හමුවක් ද පැවැත්විණි. ඒ, ‘ක්වඩ්’ නායකයන් අතරේ පැවැති සමුළුවේදීය. හමුව පැවැත්වීම සිදුවූයේ වීඩියෝ තාක්ෂණයෙනි. එහිදී බයිඩන්, ජපාන අග්‍රාමාත්‍යවරයාට ඇරැයුම් කළේ වොෂින්ටනයට පැමිණෙන ලෙසටය. එම ඇරැයුම අග්‍රාමාත්‍ය යොෂිහිදෝ සූගා පිළිගත්තේය.
2025 නොවැම්බර් මස 04
707
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2375
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1741
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බ්ලින්කන් ආසියා සංචාරය අරඹයි