IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


බුලත් කෙළ පහර වැදුණු යතුරුපැදිකරුගේ පවුලම නිරෝධායනයට

(ලසන්ත නිරෝෂණ පෙරේරා )                                                                                                                                         

කොව්ඩ් ආසාදිතයින් රැගෙන යමින් සිටි බසයක සිටි අයෙක් බුලත් කෙළ ගැසිම  නිසා මාර්ගයේ ගමන් කළ යතුරු පැදිකරුවෙකු සහ ඔහුගේ නිවසේ අය  ස්වයං නිරෝධායනයට යොමු කර තිබේ .                                                                                                         

බලන්ගොඩ ප්‍රදේශයේ දි මාර්ගයේ ගමන් කරමින් සිටි යතුරු පැදිකරුවෙකුට     බස් රථයක් තුළ සිටි අයෙකු  ගැසු බුලත් කෙළ  වැටිම  නිසා  කෝපයට පත් යතුරු පැදිකරු එම බසය නවත්වා බස් රථයට ගොඩවි   බැන වදිනවිට එම බසයේ ගමන්  සිටිනුයේ කොව්ඩ් ආසාදිතයින් පිරිසක් බව දැනගෙන තිබේ.                                                                                                                                 

බලන්ගොඩ වටවල කොරොනා ප්‍රතිකාර මධ්‍යස්ඨානයට රැගෙන යමින් සිටි කොව්ඩ් ආසාදිතයින් පිරිසක් මෙම බසයේ ගමන් කර ඇත.                                                                                                                                                           

ප්‍රදේශයේ  මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා ගේ නිර්දේශය අනුව බලන්ගොඩ මැදකන්ද ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා සහ ඔහුගේ පවුලේ අය ස්වයං නිරෝධායනයට යොමු කර ඇත.                                                                                                     .                                                                                                          තමා පත්වු අපහසුතාවය ගැන  කරුණු කියන්නට පටන් ගන්න විටම මේ බසයේ සිටින්නේ කොරොනා ආසාදිතයින් බව  එහි සිටි අය පැවසු නිසා වහාම ඉන් බැසගත් බවද සිද්ධියට මුහුණ දුන් පුද්ගලයා  බලන්ගොඩ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ට පවසා තිබේ.                                                  
 
එම තැනත්තා බසයෙන් බැස ඇත්තේ ඔහුගේ ගමන් බෑගයද  බසය තුළ තිබියදීය.                                                                                                   

පසුව යතුරු පැදියෙන් නිවෙසටම ගිය  නිලධාරීන් ගේ උපදෙස් අනුව විසබීජ හරණයට ලක්ව  දිය ස්නානය කර පිරිසිදු වි තිබේ .                   

                                                                                                        
සිදු වු ඇබැද්දිය ගැන මහජන සෞඛ්‍ය පරික්ෂකවරයාද  දැනුම්වත් කර ඔහුගේ උපදෙස් ලබා පවුලේ සියලුම දෙනා සමග ඔහු ස්වයං නිරෝධායනයට යොමු වි තිබේ.



අදහස් (2)

බුලත් කෙළ පහර වැදුණු යතුරුපැදිකරුගේ පවුලම නිරෝධායනයට

isurandi Sunday, 20 December 2020 01:47 PM

බුලත් කෙළ ගහපු එකාව අල්ලලා දෙකක් අනින්නයි තිබ්බේ. කිසිම චාරයක් නැති මිනිස්සු තවමත් මේ සමාජයේ ඉන්නවා.

:       0       0

සිසිල් සුදේශ් Monday, 21 December 2020 01:26 AM

ආසාධිතයන් ගෙනියනකොට උපදෙස් දුන්නේ නැද්ද හැමතැනම කෙල ගහන්න එපා කියලා?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 403 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 561 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 231 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site