
(අමදෝරු අමරජීව )
ත්‍රිකුණාමලය, කොටුව පාරේ පිහිටි ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරයට අයත් ඉඩමක බුදු පිළිමයක් තැන්පත් කිරීමට යෑමේදී ඇති වූ සිද්ධියට පොලිසියට ප්‍රකාශයක් ලබාදීම ප්‍රතික්ෂේප කළ බලංගොඩ කස්සප හිමියන්ට ලබන දෙසැම්බර් 10 දිනට පෙර අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් එම්.එන්.එම් සන්සුදීන් මහතා නොසිති නිකුත් කළේය .
ත්‍රිකුණාමල වරාය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.ඩබ්.ජි.එස්.කේ.සමරසිංහ මහතා බී. වාර්තාව ඉදිරිපත් කරමින් කියා සිටියේ ඉකුත් 16 වන දින ඇති වූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් රෝහල් ගතවී සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමිගෙන් වෛද්‍ය අනුමැතිය මත ප්‍රකාශයක් සටහන් කර ගැනීමට යෑමේදී ප්‍රකාශයක් ලබාදීම ප්‍රතික්ෂේප කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බව පැවසීය.
විමර්ශන වලට අදාලව සහාය දැක්වීම සියලු පුරවැසියන්ගේ යුතුකමක් බවත් රටේ සංහිඳියාව බිඳ වැටිය හැකි සිදුවීමක් වන මෙම සිදුවීමේ විමර්ශනවලට සහාය නොදක්වන හිමිනමට අධිකරණයේ පෙනී සිටින ලෙස නොසිති නිකුත් කරන ලෙස අදාළ බී. වාර්තාවෙන් පොලිසීය ඉල්ලා සිටියේය.
2025 නොවැම්බර් මස 21
75
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
172
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1028
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
බලංගොඩ කස්සප හිමිට නොතීසී
Siri Perera Monday, 24 November 2025 11:50 AM
හොදයි වැඩේ...
පන්සිළු Monday, 24 November 2025 11:50 AM
මෙහෙමයි දැන් රටේ දේවල් සිද්ධ වෙන්නේ. කලින් කලට මෙවැනි දේවල් එනවා.
Ekanayake Monday, 24 November 2025 12:35 PM
ගම්මන්පිල, ඔන්න තවත් තුත්තිරි ගහක්. එල්ලුණා නම් හොඳයි නේද?