IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


බේරේ කුරුළු දූව ජිනරතනයට

(අංජුල මහික වීරරත්න)

බේරේ වැව, කුරුලු දූපත පිහිටි ඉඩම් කොටස සංවර්ධන කටයුතු සඳහා ශ්‍රී ජිනරතන භික්ෂු අභ්‍යාස විද්‍යාලය කාරක සභාව වෙත දීර්ඝකාලීන බදු පදනම මත ලබා දීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

2000 වර්ෂයේදී කොළඹ නගර සංවර්ධන සැලැස්මේ කොටසක් ලෙස බේරේ වැව ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය යටතේ නිරිතදිග බේරේ වැවේ පිහිටි පර්චස් 143 ක් පමණ වූ කුරුලු උයන දූපත නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා ගෙන තිබේ. 

දැනට ඌන උපයෝජිත තත්ත්වයේ පවතින එකී ඉඩම් කොටස බෞද්ධ පුදබිමක් ලෙස හා සංස්කෘතික උරුමයන් ප්‍රදර්ශනය කෙරෙන සංචාරක ආකර්ෂණීය ස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම සඳහා යොදා ගැනීම පිණිස ගංගාරාම විහාරාධිපති ස්වාමීන් වහන්සේ විසින් ඉල්ලීමක් ඉදිරිපත් කොට ඇතැයි රජය පවසයි. ඒ අනුව එකී ඉඩම් කොටස සංවර්ධන කටයුතු සඳහා ශ්‍රී ජිනරතන භික්ෂු අභ්‍යාස විද්‍යාලය කාරක සභාව වෙත රජයේ ප්‍රධාන තක්සේරුකරු විසින් තීරණය කරනු ලබන බදු වටිනාකම මත පදනම්ව අවුරුදු 50ක කාලසීමාවක් සඳහා  ලබා දීම පිණිස නාගරික සංවර්ධන  හා නිවාස අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 



අදහස් (3)

බේරේ කුරුළු දූව ජිනරතනයට

පුෂ්පා Tuesday, 23 July 2024 12:16 PM

කුරැලු දූපත වෙන රටකනම් ගස් වවලා කුරැල්ලන්ට ඉන්න දෙනවා.

:       5       26

Chandima Tuesday, 23 July 2024 02:39 PM

හාමුදුරුවෝ බේරේ වැවත් අල්ලගත්තා දැන් කුරුලු දුපතටත් වැඩේ දුන්නා එහෙනම්

:       0       1

Chandima Tuesday, 23 July 2024 02:43 PM

මේ අවභාවිතයන්ට වගකිව යුත්තේ මැතිවරණ කොමසාරිස් .. මතු දිනයක කොමිසමක් පත් කළ යුතුයි. ඔහු පිට රටින් ඩුප්ලිකේට් ඡන්ද පත්‍රිකා මුද්‍රණය අවසන් වන තුරු සිටිනවා

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 587 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1090 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site