IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


බ්‍රසීලය පළමු සබ්මැරීනය නිෂ්පාදනය කරයි

බ්‍රසීලය තම රටේ නිෂ්පාදිත පළමු සබ්මැරීනය පිළිබඳ තොරතුරු අනාවරණය කර ඇත. 
 

ඔවුන් එය  රියචුලෝ යනුවෙන් නම් කර ඇත.  
 
නව සබ්මැරීනය ජාතික ආරක්ෂක මූලෝපායන් සඳහා එය නව උපකරණක් ලෙස භාවිතා කිරීමට අපේක්ෂා කරන බව නාවික අණදෙන නිලධාරී එඩුරාඩෝ බැසෙලර් පැවසුවේය.
 
මෙය නිෂ්පාදනය බ්‍රසීල රජයේ සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රතිඵලයක් වන අතර එම ව්‍යාපෘතිය යටතේ සබ්මැරීන හතරක් නිෂ්පාදනය කිරීමට සැලසුම් කර ඇත.
 
ඉන් එක් සබ්මැරීනයක් න්‍යෂ්ඨික තාක්ෂණයෙන් බලගැන්වෙන අතර එය 2022 වර්ෂය වන විට නිෂ්පාදනය කර අවසන් කිරීමට නියමිතය. 
 
එසේම න්‍යෂ්ටික නොවන සබ්මැරීන ත්‍රිත්වයක් ඉදිකිරීමට දැනටමත් කටයුතු ආරම්භ කර ඇත.


රජය මෙම ව්‍යාපෘතිය සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 4.46 ක මුදලක් වැය කර ඇත.
 
මෙම නිෂ්පාදනය බ්‍රසීලයේ ආරක්ෂක උපායමාර්ගයක් ලෙස භාවිතා කර හැකි බවත් එය රටේ තාක්ෂණ වර්ධනය නිරූපණය කරන අවස්ථාවක් බවත් බ්‍රසීල ජනාධිපති මිචෙල් ටෙමර්  පැවසුවේය. 
 
මෙම සබ්මැරීනය රියචුලෝ  යන නමින් හදුන්වා ඇත්තේ 19 වැනි සියවසේ  පැරගුවේ යුද්ධයේදී  නාවික සටන සිහිකිරීමේ අරමුණිනි.

එම සටනට බ්‍රසීල නාවික හමුදාව සක්‍රීය දායකත්වය සපයා ඇත. 
 
 
(63226 )  



අදහස් (0)

බ්‍රසීලය පළමු සබ්මැරීනය නිෂ්පාදනය කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 770 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2411 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1761 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site