IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


බේරුවල ප්‍රා.සභා හිටපු මන්ත්‍රීගේ බිරිදට පිහියකින් ඇනලා

(සුමිත් පොතුපිටිය)

බේරුවල ප්‍රාදේශීය සභා හිටපු මන්ත්‍රී  සමිත කවිරත්න මහතාගේ බිරිද පිහිපහරවල් කිහිපයකට ලක්ව අද (07) රෝහල් ගතකර ඇතැයි බේරුවල පොලිසිය පවසයි.

බේරුවල හෙට්ට්මුල්ල ප්‍රදේශයේ ඇය විසින් පවත්වාගෙන යන කිරි අලෙවි සැලක් තුලදී පහරකැමට ලක්ව ඇතැයි පොලිසිය කීය.

සිද්දිය සැලවූ සැනින් ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායම සැකකරු අත්අඩංගුවට ගෙන පහරදීමට යොදාගත් අගල් පහක් පමණ දිගැති ලේ තැවරුන  පිහිය පොලිස් භාරයට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බේරුවල හෙට්ට්මුල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු බව පොලිසිය කීය.

පහරදීමට හේතුව සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරමින් බව පොලිසිය සදහන් කරයි.

පහරකැමට ලක්වූ මන්ත්‍රී බිරිය කළුතර ශීක්ෂණ රෝහලට ඇතුලත් කර හදිසි  ප්‍රතිකාර ඒකකයට ඇතුලත් කර ඇතැයි රෝහල් ප්‍රකාශකයකු පැවසීය .

සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි . 

ජේෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස , සහකාර පොලිස් අධිකාරී දුමින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් පත්මකුමාර මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගයාන් ක්‍රිෂාන්ත ඇතුළු නිළධාරීන් වැටලීම සිදුකර ඇත.



අදහස් (1)

බේරුවල ප්‍රා.සභා හිටපු මන්ත්‍රීගේ බිරිදට පිහියකින් ඇනලා

Upamalika Friday, 07 April 2023 10:12 PM

දැන් කවුද, කාටද පිහියෙන් ඇන්නේ...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 477 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site