(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
බේරුවල නගර සභා බල ප්‍රදේශයේ අපද්‍රව්‍ය බැහැර කරන ආකාරය නිසා මහා කුණු කන්දක් නිර්මාණය වී ඇතැයි සමගි ජන බලවේගයේ මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
මෙම කුණු කන්ද නිසා මීතොට මුල්ලේ සිදු වූවාක් මෙන් විශාල ජීවිත තර්ජනයක් ඇතිවිය හැකි බවද බාකීර් මාකර් මහතා කීය.
අඩු ආදායම් ලබන පිරිස් සිටින පෙදෙස් වලට මේ කුණු බැහැර කරන බව කී බාකීර් මාකර් මහතා බේරුවල සහ කළුතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වල සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වගකීම තිබෙන්නේ පළාත් සභාවට නොව සෘජුවම මධ්‍යම ආණ්ඩුවට බව කීය.
සෞඛ්‍ය,පාරිසරික මෙන්ම පළාත් පාලන ආයතන ඇතුළුව සියලු පාර්ශ්ව ඉක්මනින් කැඳවා බේරුවල කුණු කන්ද ඉවත් කිරීමටත් අපද්‍රව්‍ය බැහැර කිරීම පිළිබඳව තිරසාර විසඳුමක් ලබාදීමටත් කඩිනම් පියවර ගන්නා ලෙස බාකීර් මාකර් මහතා පැවසීය.
2025 දෙසැම්බර් මස 18
468
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
251
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1042
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බේරුවලත් මීතොට මුල්ලක් හැදෙන්න හදනවා
Bamunuarachchi Thursday, 09 May 2024 10:14 AM
බේරුවල කුණු බේරුවලම තියාගන්න.