(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පුද්ගලයකු සිය මස්සිනාට පහරදීම සඳහා කැඳවූ මිතුරන් දෙදෙනෙකුට වේරහැර,බෝධිරාජපුර වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් විසින් තියුණු ආයුධවලින් පහර දීම හේතුවෙන් එක් අයෙකු ඝාතනයට ලක්ව ඇති බව බොරලැස්ගමුව පොලීසිය කියයි
පහර කෑමට ලක් වීමෙන් මියගොස් ඇත්තේ (46) මහරගම, දුම්රියපල පටුමග ප්‍රදේශයේ පදිංචිකරුවකු වන දර්ශන කුමාර නැමැති පුද්ගලයෙක් බවද බවද පොලිසිය පැවැසීය.
ඉතා දීර්ඝ කාලයක් තිස්සේ ඥාතීන් පිරිසක් අතර පැවැති ආරවුලක් සම්බන්ධයෙන් තම මස්සිනා සමග ඇතිවූ බහින්බස් වීමක් හේතුවෙන් මෙම මස්සිනාට පහරදීම සඳහා පිරිසක් ගෙන්වා සැලසුම ක්‍රියාත්මක කර ඇත.
ඔහු මේ සඳහා මහරගම,සහ පිළියන්දල ප්‍රදේශයන් හී පදිංචි සිය මිතුරන් දෙදෙනෙකුට දුරකථන ඇමතුම් මගින් කතා කර බෝධිරාජපුර ක්‍රීඩාංගණයේදී මස්සිනාට පහර දීම සඳහා තමන්ට සහාය ලබාදෙන මෙන් කළ ඉල්ලීමක් මත පැමිණි මිතුරන් දෙදෙනා සමග මත්පැන් සාදයක් පවත්වා එය අවසානයේදී අදාළ පුද්ගලයා ක්‍රීඩාංගනය තුළට රැගෙන විත් පහරදීම සඳහා සූදානම් වී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය පවසයි.
මෝදරගේ සුසිත් කුමාර නොහොත් (කට්ටා) නැමැති පුද්ගලයා තම ප්‍රදේශයේ පදිංචිකරුවකුට පහරදීම සඳහා කිහිපදෙනෙකු සූදානම් කරමින් සිටින බවට ලද ආරංචියක් මත ප්‍රදේශවාසීන් පිරිසක් ඔවුන් තිදෙනා සිටි ක්‍රීඩාංගනය තුළට ගොස් මේ පිළිබඳ විමසීමේදී ඇතිවූ බහින්බස් වීමක් මත ගම්වාසීන් තියුණු ආයුධවලින් වටකර පහර දීමේදී පිලියන්දල ප්‍රදේශයෙන් පැමිණි පුද්ගලයා සමග කට්ටා නැමැති අය පැන ගොස් ඇති බවත් සිද්ධියේදී ගම්වාසීන් අතරට කොටු වූ මහරගම ප්‍රදේශයෙන් පැමිණි පුද්ගලයා පහරකෑමෙන් ඝාතනයට ලක්ව ඇති බවත් මූලික විමර්ශනවලදී අනාවරණයවූ බවද පොලිසිය පවසයි.
පහරකෑමෙන් බරපතළ තුවාල ලැබූ මහරගම පුද්ගලයා ප්‍රදේශවාසීන් පිරිසක් විසින් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කරන විටත් මිය ගොස් සිටි බව කළුබෝවිල රෝහලේ රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් ඉන් එක් අයෙකුද කැපුම් තුවාල හේතුවෙන් දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ (කලුබෝවිල රෝහල) ප්‍රතිකාර ලබන බවත් අනෙක් පුද්ගලයන් දෙදෙනා බොරලැස්ගමුව පොලිස් ස්ථානයේ රඳවාගෙන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගන්නා බවත් පොලිසිය පවසයි.
මෙම සිදුවීමට අදාළ සියලු පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා පුළුල් පරීක්ෂණයක් සිදුකරන බවත් පොලීසිය පැවසීය.
2025 දෙසැම්බර් මස 18
489
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බොරලැස්ගමුවේ ඝාතනයක්