IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


බිරිය සමඟ හාද වී සැමියා මැරූ අනියම් සැමියා පෝරකයට

(උපාලි ආනන්ද)
උදළු තලයෙන් පහරදී  තම මිතුරාට  මරා දැමී යැයි සිද්ධියක් සම්බන්ධයෙන්  අධිචෝදනා ලැබ සිටි විත්තිකරුවකු එකී චෝදනාවට වරදකරු බවට තීන්දු කළ පොළොන්නරුව පළාත් බද මහාධිකරණ  විනිසුරු රුචිර වැලිවත්ත මහතා විත්තිකරුට මරණ දඬුවම නියම කළේය. 
විත්තිකරුට මරණ දඬුවම නියම කරමින් මහාධිකරණ විනිසුරු රුචිර වැලිවත්ත මහතා ප‍්‍රකාශ කළේ විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් නගා ඇති චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශවය සමත්ව ඇති බවයි.‍
2015 වසරේ නොවැම්බර් මස 01 දින හෝ ඊට ආසන්න දිනයක පොළොන්නරුව මහාධිකරණ බල ප‍්‍රදේශයට අයත් කවුඩුල්ලේදී පී.ජී. රන්බංඩා යන අයට උදළු පහර එල්ල කර ඔහු මරා දැමූ බවට නීතිපතිවරයා විසින් ලංකා දන්ඩ නීිති සංග‍්‍රහයේ 296 වන වගන්තිය ප‍්‍රකාරව විත්තිකරුට එරෙහිව පොළොන්නරුව මහාධිකරණය  හමුවේ අධි චෝදනා ගොනු කර තිබිණ.

මෙසේ මරණ දඬුවම නියම වූයේ  පොළොන්නරුව කවුඩුල්ල පදිංචි  ගාමිණි රණවීර නැමැත්තෙකුටය. 

විත්තිකාර ගාමිණි රණවීර නැමැත්තා  මරණකරුගේ බිරිද සමඟ ඇති කරගෙන තිබූ අනියම් ප්‍රේම සබඳතාවයක් මෙම ඝාතනයට පාදක වී ඇති බව නඩු විභාගයේදී අනාවරණ විය.  



අදහස් (11)

බිරිය සමඟ හාද වී සැමියා මැරූ අනියම් සැමියා පෝරකයට

Nihal Thursday, 13 March 2025 03:51 PM

අධි කාමුක ගැහැණිය පිටතින් සෙවීම ඉතා දුෂ්කරයි. පච්වා කොටලා තරමක් දුරට පුළුවන්...

:       22       9

බයි සිතිවිලිThursday, 13 March 2025 06:47 PM

අධි කාමුක මිනිසුන් නැද්ද?

:       2       8

soma Thursday, 13 March 2025 04:29 PM

පැරණි ග්‍රන්ථවල කාමාධික කාන්තාවන් හඳුනා ගන්න විස්තර තියෙනවා. මේ ලෝකෙ ජීවීන්ගේ පැවැත්ම තියෙන්නේ ප්‍රජනනය මුල්කර ගෙන. කාමශක්ති බව නැත්නම් ජීවීන්ගේ පැවැත්මක් නෑ. ශිෂ්ඨාචාර වුණත් සමහර මිනිසුන් අතර ඇති තිරිසන් ගති පැවැතුම් තමයි අවුලට මුල...

:       18       4

බයි සිතිවිලිThursday, 13 March 2025 06:49 PM

පැරණි ග්‍රන්ථවල කාමාධික පුරුෂයන් හඳුනාගන්න විස්තර නැද්ද?

:       2       7

Nihal Thursday, 13 March 2025 10:38 PM

මිනිහෙක් කවදාවත් හොර ගෑණි සමග විවාහක බිරිඳ ඝාතනය කරන්නේ නෑ .තමන් කරන්නේ බිරිඳට ද්‍රෝහි කමක් නිසා මනසින් දුක්වෙනවා, ගැහැණිය එහෙම නෙමෙයි මිනිහා මරන්න පහසුකම් සියල්ල සපයනවා හවුල් වෙනවා ඔය ඉන්නේ කට්ටිය දසක ගනණ් තිබනු කම්සැපත් අහිමි කරගෙන ,දැන් ඇතුලේ සිල් ගත්තට කරපු අපරාධ වලින් ගැලවීමක් නෑ

:       1       1

ගොඩ්වින් Friday, 14 March 2025 01:15 PM

පැරණි ග්‍රන්ථ මොකටද ඕක දැනගන්න...? ගෙදර ගැනී ඉද්දී වෙන ගෑණු පස්සේ යන එකෙක් නම් එයා කාමාධික පුරුෂයෙක්...

:       0       0

රුවන් Thursday, 13 March 2025 04:29 PM

සත්ව ලෝකයේත් සිදු නොවන තිරිසන් වැඩ මේවා. යාල ජාතික වනෝද්‍යානයේ කොටි මවක් මුව පැටවුන්ට කිරි දෙනවා, ඒකට මිනිස්සු?

:       11       4

කොටිඇල්බට් Friday, 14 March 2025 01:12 PM

මුව පැටව් ලොකු වුණාම කයි...

:       0       1

යා යුතු මග දුරයි Thursday, 13 March 2025 06:57 PM

හැමෝම වගේ කාන්තාවට විතරක් වැරැද්ද පටවනවා. ලංකාව පසුගාමී ආකල්ප තියෙන රටක් බවට සාක්ෂියක් තමයි මේ...

:       4       12

BandaThursday, 13 March 2025 11:04 PM

ගෑණිගේ තමයි වරද. මිනිහෙක් ඉඳිද්දී හොර මිනිහා එක්ක මිනිහා මරන්නේ. එපානං දික්කසාද වෙලා මගුලක් නටන්න තිබුණා නෙව. එහෙනං තවම මගුල් නටන්න තිබ්බා දෙන්නටම

:       1       3

බීමන් Friday, 14 March 2025 01:33 PM

ඕනෙම පිරිමියෙකුට ලේසියෙන් අල්ලාගන්න පුළුවන් කාන්තාවන්ගේ කණත්, මුහුණත් අතර කෙස් වැවිලා තියෙනවා වැඩියෙන්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 789 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2441 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1766 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site