IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


බිරිය පැහැරගත් සැමියා අත්අඩංගුවට

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

හලාවත මානුවන්ගම ප්‍රදේශයෙදී පැහැර ගැනීමට ලක්වු තරුණ කාන්තාව සමග ඇය පැහැර ගැනිමට සිදු කළ සැමියා 22 දින හලාවත පොලිසියට බාර වු බව හලාවත මුලස්ථාන පොලිසිය කියයි.

පසුගිය 19 දින සැමියා විසින් පැහැර ගැනිමට ලක්වු 18 හැවිරිදි විවාහක තරුණ කාන්තාව මෙසේ ඇගේ සැමියා බව කියන දඹුල්ල ප්‍රදේශයෙ 21 හැවිරිදි සැමියා  හලාවත පොලිසියට ඉදිරිපත් කර ඇති අතර ඒ සමගම අදාල සැකකරු පොලිසිය අත් අඩංගුවට ගැනිමට කටයුතු කළ බව පොලිසිය කියයි.

අදාල සිද්දිය හලාවත පොලිසියට 18 හැවිරිදි තරුණ කාන්තාවගෙ මව්පියන් විසින් පැමිණිලි කිරීමේන් පසුව හලාවත මුලස්ථාන පොලිසියෙ පොලිස් කණ්ඩායමක් දඹුල්ල ප්‍රදේශයට ගොස් විමර්ශන ආරම්භ කර තිබු බව කියයි.

එසේ පොලිස් කණ්ඩායම දඹුල්ල ප්‍රදේශයට ගියද සැකකාර සැමියා හා පැහැර ගැනිමට ලක්වු තරුණ කාන්තාව සොයා ගැනිමට නොමැකි විම හේතුවෙන් සැකකරුගේ ඥාතියකු පොලිස් බාරයට ගෙන තිබුණි.

එයින් පසු සැකකාර තරුණයා තමන් පැහැර ගැනිමට ලක්වු 18 හැවිරිදි තරුණ කාන්තාව ද සමග පොලිසියට පැමිණ ඇති බව කියයි.

පොලිසිය සිදුකළ පරික්ෂණවලදි තහවුරු වී ඇත්තේ අදාල තරුණ කාන්තාව පැහැර ගැනිමේන් පසු කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයට රැගෙන ගොස් ඇති බවත් මෙම පැහැර ගැනිමට අදාල තරුණ සැමියාගේ බාප්පා  සැලසුම් කර ඇති බවටත් පොලිස් පරික්ෂණ වලදී හෙළිව තිබුනී.

මෙම සැකකරුගෙ බාප්පා අදාල සැලසුම සකස් කර පැහැර ගැනිමටද පැමින ඇති බව කියයි. පොලිසිය පවසන්නේ මෙම බාප්පා නැමති සැකකරු හෙරෝයින් ජාවාරම ඇතුළු සිද්දින් රැසකට සම්බන්ධ ප්‍රද්ගලයකු බවත් එම චෝදනා වලට මෑතක දී මත්ද්‍රව්‍ය ජාවාරමකට බන්ධනාගාර ගතව පැමිනි පුද්ගලයකු බවත් ඔහු පතාල කල්ලි සමග සම්බන්ධකම් පවත්වන අයකු බවද පොලිසිය අනාවර්ණය කර තිබේ.

මේ වන විට පැහැර ගැනිමට ලක්වු තරුණ කාන්තාව රෝහල් ගත කර ඇති බවත් ඇය බරපතල මානසික ආකුලතාවයකින් පෙළෙන බවද පොලිසිය පවසයි.

මෙම තරුණ කාන්තාව මෙම සිද්දියෙන් පසු දැඩි බියකට පත්වි සිටින බවත් මෙම පැහැර ගැනිමක් නොවන බවට පොලිසියට පවසන ලෙසද මෙම සැකකරුවන් තර්ජනය කර ඇති බව කියයි.

එසේ පැහැර ගැනිමක් බව පැවසුහොත් නැවත සිරගතව පැමිණිමේන් පසු 18 තරුණ කාන්තාව හා ඇගේ මව්පියන් මරා දමන බවටත් තර්ජනය කර ඇති බව ඇය පොලිසියට පාපොච්චාරණය කර තිබේ.

කෙසේ නමුත් පොලිසිය පවසන්නේ මෙම සැකකරුවන්ගෙන් තරුණිය හා ඇගේ මව්පියන්ගේ ජීවිතවලට තර්ජනයක් එල්ල වී ඇති බවයි.

මෙම පැහැර ගැනිමට සම්බන්ධ සැකකාර තරුණයාගේ පියා ,බාප්පා ඇතුළු පස් දෙනකු එක්වි ඇති බවත් ඔවුන් අත් අඩංගුවට ගැනිමට පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.

පොලිස් විමර්ශණවලදි අනාවර්ණය වී ඇත්තේ මෙම සැකකරුවන් තරුණිය පැහැර ගැනිමට යොදා ගත් වෑන් රථය කුලි පදනමට ලබා ගත් එකක් බවත් එය පොලිස් කොස්තාපල්වරයකු  කුලි පදනමට වාහන ලබා දෙන ආයතනයකට ලබා දී තිබු එකක් බවයි.

 



අදහස් (0)

බිරිය පැහැරගත් සැමියා අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 489 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site