IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


බිරියගේ පැමිණිල්ල ලියන්න ගිය පොලිසියට හිටපු ගුවන් නියමු සැමියා ගහලා

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

බොරලැස්ගමුව පොලිසියේ සැරයන්වරයකුට සහ කොස්තාපල්වරයකුට  පහර දී  බරපතල තුවාල සිදුකළ රංගන ශිල්පිනියකගේ ෙ සැමියා වන හිටපු ගුවන් නියමුවකු අත්අඩංගුවට ගෙන ගල්කිස්ස අධිකරණයේ වැඩ බලන මහේස්ත්‍රාත් ආර්. ආර්. ගමගේ මහත්මිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 30 වෙනි දින දක්වා රිමාන්ඩ් බාරයෙ තැබිමට නියෝග කළාය.

මෙලෙස රිමාන්ඩ් භාරයට පත් කරන ලද්දේ බොරලැස්ගමුව දිවුල්පිටිය පන්සල පාර පදිංචි  සම්පත් චාමික බණ්ඩාර දිසානායක නමැත්තෙකි.

පහරදීමෙන් බරපතල තුවාල ලද බොරලැස්ගමුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයට අනුයුක්ත පොලිස් සැරයන් හා පොලිස් කොස්තාපල්වරයා ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශීක්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇත.

පවුල් ආරවුලක් සම්බන්ධයෙන් රංගන ශිල්පිනිය බොරලැස්ගමුව පොලිසිය වෙත දුරකථනය හරහා කරන ලද පැමිණිල්ලකට අනුව රාත්‍රී ජංගම සංචාරයේ දී සිටි පොලිස් සැරයන්වරයා ඇතුළු කොස්තාපල් වරුන් දෙදෙනකු රංගන ශිල්පිනියගේ නිවස වෙත ගොස් තිබූ බව පොලිසිය කියයි.

නිවසේ ආලින්දයේ පුටුවක සිට ඇයගේ පැමිණිල්ල සටහන් කර ගනිමින් සිටියදී එම ස්ථානයට කඩා වැදීණු සැකකරු එකවරම පොලිස් සැරයන් වරයාගේ මුහුණ දෙසට පාදයෙන් ප්‍රහාරයක් එල්ල කිරීමත් සමගම සැරයන්වරයා හිද සිටි පුටුවෙන් අඩි කිහිපයක් ඈතට විසිවී වැටීමත් සමගම එම ස්ථානයට ගොස් තිබූ සැකකරු සැරන්වරයාගේ ගෙල මිරිකීමට උත්සාහ කිරීමේදී එහි සිටි කොස්තාපල්වරුන් දෙදෙනා සැරයන්වරයා බේරා ගැනීමට උත්සාහ දැරීමේදී ඔවුන්ට ද සැකකරු පාදයෙන් පහර දී ඇති අතර එම ප්‍රහාරයෙන් එක් කොස්තාපල්වරයකුද තුවාල ලබා ඇත.

අනෙක් කොස්තාපල්වරයා විසින් දැඩි ආයාසයක් දරා තුවාල ලබා සිටි සැරයන්වරයා සහ කොස්තාපල්වරයා නිවසින් පිටතට ගෙන ඒ බව පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසක් එම ස්ථානයට ගොස් දැඩි පරිශ්‍රමයක් දරා සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.

 



අදහස් (7)

බිරියගේ පැමිණිල්ල ලියන්න ගිය පොලිසියට හිටපු ගුවන් නියමු සැමියා ගහලා

කුකුල් චමින්ද Friday, 20 December 2024 11:10 PM

එයා ගුවන් නියමුවෙක් නිසා පොලිස් නිලධාරියාට ගුවනින් යන්න දීලා. මං වගේ බත් කටක් කැව්වා නම් ඉවරයිනේ...

:       0       7

මහේෂි මධුසංකා Saturday, 21 December 2024 12:13 AM

අයියෝ පොලිස් මහත්තුරු. 3:1 අනුපාතයෙන්වත් බෑ. තව පිරිසකුත් ඕනෑ. අඩුගානේ අර ඔලුව කැක්කුමට ගාන ජාතියවත් ළඟ තිබුණේ නැද්ද? මේ අයගේ ශාරීරික යෝග්‍යතාවය අඩුම ගානේ මාසෙකට සැරයක්වත් චෙක් කරන්න ඕනෑ.

:       0       0

sam Saturday, 21 December 2024 03:58 AM

මෙච්චර දෙයක් වෙලත් ඇයි ඔවුන්ගේ නම් නැත්තේ? අහිංසක මිනිහෙක් කළානම් ඒ මනුස්සයාගේ ඔක්කොම කියනවනේ...

:       0       0

m.saman perera Saturday, 21 December 2024 10:06 AM

රංජන්ට තමයි මේවට වගකියන්න ඕනෑ.

:       1       6

පිටිගල මිලානෝ Saturday, 21 December 2024 12:23 PM

රන්ජා මේ නිළිය පිටිපස්සෙන් හිටිය ප්‍රථිඵල නිකුත්වී ඇත. හිරුගෙන් වුණු ලීක් එකට පයිලට් සැමියාට එක රැයින් ජොබ් එක අහිමි විය. සෙප්පඩ නිළියක් බැඳගත්ත වැදගත් වෘත්තිකයෙක්ට වුණු අකරතැබ්බයක්... නිළිය ගාල්ලෙන් ඇපත් නැතුව පරාදයි.

:       1       10

ජිල්බුSaturday, 21 December 2024 01:21 PM

මම හිතං හිටියේ ඕපාදූප හොයන්නේ මං විතරයි කියලා... බලාගෙන ගියාම අම්බෝ...

:       1       13

ලංකිකා Sunday, 22 December 2024 04:15 AM

මිලානෝ චීත්ත පිටිගල...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 600 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site