
(සිතුම් චතුරංග)
සිය ගැබිනි බිරියගේ ගෙළ කපා යතුර පැදියේ තබාගෙන පොලිස් ස්ථානයට පැමිණි පුද්ගලයකු අද (03) උදෑසන අත්අඩංගුවටගත් බව වවුනියාව පුලියන්කුලම පොලිසිය කියයි.
පුලියංකුලම, නයිනමඩු මාර්ගයේ රක්ෂිත ප්‍රදේශයක් අසලට බිරිඳ සමඟ පැමිණ ඇති සැකකාර සැමියා ,ඇය තියුණු ආයුධයකින් කපා ඝාතනය කොට සිරුර රක්ෂිත ප්‍රදේශයේ දමා හිස කඳින් වෙන්කර ස්කූටර වර්ගයේ යතුරු පැදියේ ඉදිරිපත තබාගෙන පුලියන්කුලම පොලිසිය වෙත රැගෙනවිත් ඇති බව පොලිසිය කියයි.
එලෙස ඝාතනය කොට ඇත්තේ වවුනියාව , පුලියංකුලම ,නොච්චිකුලම් හි පදිංචි සුගීර්දරන් රාජුන් ස්වාර්ණලතා නැමති 32 හැවිරිදි ගර්භණී කාන්තාවකි.
ඇය ප්‍රදේශයේ රජයේ ප්‍රාථමික විදුහලක පාසල් ගුරුවරියක ලෙස සේවය කරන ගුරුවරියක බවත් පොලිසිය පැවසීය.
සැකකරු බිරිඳගේ හිස සහිත යතුරු පැදිය පුදියන්කුලම පොලිසියේ ප්‍රධාන පිවිසුම් දොරටුව අසලට රැගෙනවිත් ස්ථානාධිපතිවරයාට සහ සෙසු නිලධාරීන්ට සිදුකළ අපරාධය පිළිබඳ දැණුම්දි පොලිසියට භාරවී ඇති බවත් සඳහන් කළේය.
අනියම් සබධතාවයක් හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලීසිය කියයි.

2025 නොවැම්බර් මස 04
614
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2305
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1715
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බිරියගේ ගෙළ කපා පොලීසියට ගෙන ගිහින්
Lal Tuesday, 03 June 2025 01:37 PM
88 89 මතක් උන
කුකුල් චමින්ද Tuesday, 03 June 2025 02:38 PM
ජාතික ආරක්ෂාවට තර්ජනයක්ද?
Rohana Tuesday, 03 June 2025 02:46 PM
හරිම දුකයි
Nimal Tuesday, 03 June 2025 04:23 PM
තනිකරම කොලිවුඩ් චිත්‍රපටි වල වගේ ප්‍රතිඵලයක්...
ගුණරත්න Tuesday, 03 June 2025 05:34 PM
කලින් අහන්නවත් නොතිබුණු අපරාධ වෙනවා, මිනිස්සු ඉන්නේ අපේක්ෂා භංග වෙලා කියල අපට තේරෙනවා
m. saman perera Tuesday, 03 June 2025 05:34 PM
අහස පොලව නුහුලන අපරාධ මේවා . එපා නම් දික්කසාද වෙන්න ඕනේ