
(සන්ඩේ ටයිම්ස්)
බරපතළ මූල්‍ය අපරාධ විමර්ශනය කිරීම සඳහා 2015 යහපාලන රජය සමයේ පිහිටුවා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේ විසුරුවා හරින ලද පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතට ගෙන එමින් නැවත වතාවක් පණ දීමට නියමිතය.
මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කර සිටියේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතට ගෙන ආවත් එම කොට්ඨාශයේ ප්‍රධානියා ලෙස වෙනම නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් පත් කරන බවය. නව වැඩපිළිවෙළ යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධීක්‍ෂණය කිරීම සඳහා වෙනම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු සිටිනු ඇති බවද ඔහු පැවැසුවේය.
පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය නැවත පිහිටු වීමේ අරමුණ අතරමග නැවතී ඇති ඇතැම් බරපතළ මූල්‍ය අපරාධ පිළිබඳ විමර්ශන නැවත ආරම්භ කිරීම බවද ඔහු ප්‍රකාශ කළේය. එම කොට්ඨාශය නැවත පිහිටුවීම සඳහා වන වන කැබිනට් පත්‍රිකාව ඉදිරියේදී යොමුකරන බවත් වෙනස්කම් මෙම මස අවසාන වීමට පෙර සිදුවනු ඇති බවත්ඔහු පැවැසුවේය.
2025 දෙසැම්බර් මස 18
558
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
278
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1078
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බරපතළ මූල්‍ය අපරාධ විමර්ශනය කොට්ඨාසය සී.අයි.ඩි යටතට