(විමුක්ති එස් රුද්‍රිගු)
ඔපෙක් ප්ලස් රටවල් මැයි මස සිට සිය සැපයුමෙන් දිනකට බොරතෙල් බැරල් මිලියනයක් කපා හරින බව නිවේදනය කිරිමත් සමඟ ලෝක බොරතෙල් වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
ලෝක බොරතෙල් සැපයුමෙන් සියයට 40 ක ප්‍රමාණයක් ඔපෙක් ප්ලස් සංවිධානය සපයනු ලබයි.සෞදි අරාබිය තම සැපයුමෙන් බොරතෙල් බැරල් 500000 ක ප්‍රමාණයක් කපාහරින බව ප්‍රකාශ කර ඇති අතර ඉරාකයද බොරතෙල් බැරල් 211000 ප්‍රමාණයක් සැපයුමෙන් කපා හරින බව ප්‍රකාශ කර ඇත.
සෞදි බලශක්ති අමාත්‍යංශ ආරංචි මාර්ග ප්‍රකාශ කර ඇත්තේ බොරතෙල් සැපයුම කප්පාදු කිරීමේ අරමුණ බොරතෙල් බැරලයක මිල ස්ථාවර කිරීම බවයි.
ඔපෙක් ප්ලස් සංවිධානය ගත් මෙම තීරණයේ අරමුණ නම් බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 80 සීමාවෙන් ඉහළ පවත්වාගෙන යාම බව විශ්ලේෂකයෝ පවසති.
ලෝක බොරතෙල් වෙළඳපොළේ අද(03) බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 83.59 සීමාවේ පැවති අතර ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 79.12 ක් ලෙස සටහන් විය.
2025 දෙසැම්බර් මස 18
468
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
251
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1042
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බොරතෙල් සැපයුම අඩු කරයි
Rohana Monday, 03 April 2023 05:18 PM
OPEC කාරයින්ටත් හැමදාම ලාභය ඕනැවෙලා බොරතෙල් සැපයුම අඩුකරනවා. තරමක්වත් මේක මානුෂීයව බලලා දැනට කරන සැපයුම අඩුතරමින් වසරක කාලයක්වත් ගෙනියන්න බැරිද? දුප්පත් තෙල් නැති රටවල් දැනටත් ඉහළයන තෙල් මිලෙන් පීඩාවිඳින කොට තෙල් රටවල මඩිය තරකර ගන්නවා. මේ තෙල් වෙළඳාමේ කිසිම සාධාරණයක් දකින්න නෑ. විකල්ප බලශක්ති සොයාගත් පසු මේ රටවල තෙල්වලට කිසිම වටිනාකමක් නුදුරු අනාගතයේම නැතිවෙනවා නොඅනුමානයි...