IMG-LOGO

බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු ඇමැති අස්වෙයි

අග්‍රාමාත්‍ය ලිස් ට්‍රස් මුහුණ දී සිටින අර්බුදය තවත් උග්‍ර කරමින් ස්වදේශ කටයුතු අමාත්‍ය සුඑල්ලා බ්‍රේවර්මන් ස්වදේශ කටයුතු අමාත්‍ය ධුරයෙන් අද (19) ඉවත් විය.

සංක්‍රමණ ප්‍රතිපත්තිය පිළිබඳ ඇයගේ පුද්ගලික විද්‍යුත් තැපෑල මගින් පණිවිඩයක්  යැවීමෙන් ප්‍රොටොකෝල කඩ කළ බව පිළිගනිමින් සුඑල්ලා බ්‍රේවර්මන් ස්වදේශ කටයුතු අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් විය.ඉල්ලා අස්වීමේ ලිපිය යවමින් ඇය වත්මන් බ්‍රිතාන්‍ය රජය පොරොන්දු කඩකර ඇති බවත් මිනිසුන් අතින් අත් වැරද්දක් සිදු වූ විට කළයුතු සුදුසුම දේ ඉල්ලා අස්වීම බවත් ඇය පැවසුවාය.

පසුගිය දා අග්‍රාමාත්‍ය ලිස් ට්‍රස් තමන් අතින් අත් වැරද්දක් සිදු වූ බව පිළිගත්තාය.සුඑල්ලා බ්‍රේවර්මන් ස්වදේශ කටයුතු අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වූ සැණින් ග්‍රාන්ට් ශැප්ස් නව ස්වදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස පත් කිරීමට අග්‍රාමාත්‍ය ලිස් ට්‍රස් කටයුතු කර ඇත.

ඒ අනුව දින 5 ක් ඇතුළත මුදල් අමාත්‍යවරයා සහ ස්වදේශ කටයුතු අමාත්‍යවරිය සිය ධුරයන්ගෙන් ඉල්ලා අස් වී ඇත.එසේම බ්‍රිතාන්‍යයේ ඉහළ යන ආහාර ද්‍රව්‍ය මිල හේතුවෙන් වසර හතළිහකට පසු වාර්තා වූ ඉහලම උද්ධමනය වූ 10.1 සැප්තැම්බර් මස වාර්තා විය.

විමුක්ති එස්. රුද්‍රිගු



අදහස් (5)

බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු ඇමැති අස්වෙයි

ravin Thursday, 20 October 2022 10:36 AM

එංගලන්තේ උද්ධමනය 10% .ඇමතිලා ඉල්ලා අස්වෙනවා .මෙහෙ උද්ධමනය 70%-80% අතර වෙනස්වෙමින් පවතිනවා.ඇමතිලා ?තව තව වැඩි වෙනවා .එංගලන්තයේ කැබිනට්ටුව?24 යි .එංගලන්තේ ජනගහනය මිලියන 68.7 යි.ලංකාවේ කැබිනට්ටුව 20?ජනගහනය මිලියන 22 (ආසන්න වශයෙන් )

:       0       10

චින්තක Thursday, 20 October 2022 02:11 PM

2012 ජන සංගණනය අනුව සිටි ගණන ඊට අවුරුදු දහයකට පස්සෙ වත් වෙනසක් වුනේ නැතෙයි

:       3       0

ravin Thursday, 20 October 2022 05:24 PM

ජනඝහනය 21,618,152 ඔක්තෝම්බර් 16.2022 මේක තමා අන්තර්ජාලය තුලින් දැකගත හැකි සංඛ්‍යා ලේඛනය

:       0       0

බද්රානිThursday, 20 October 2022 03:26 PM

එංගලන්තය වැනි ශිෂ්ඨ සම්පන්න ජනතාවක් හා ඉතාම උගත් වැදගත් දේශපාලකයින් වෙසෙන රටක් සමග මේ ගෝත්‍රික ගති පැවතුම්, ආකල්ප ඇති, අමන, උද්දච්ජයින්ගෙන් පිරුණු හිඟන දේශය සමග සසඳන්න ඔබට පිස්සුද රවීන්? මෙවුන් මැරුණත් ආයේ මේකෙම උපදිනවා බහිරවයෝ මලපෙරෙතයෝ, කුම්භාණ්ඩයෝ වෙලාම.. කටින් නම්, පින්වන්තයෝ..ක්‍රියාවෙන් බල්ලා මාර්ක්. ගියතැන විනාශයි!!

:       1       3

ravin Thursday, 20 October 2022 05:32 PM

නිදහස ලැබිලා අවුරුදු 75 ක් ගෙවිලත් තාම නීති ක්‍රමවේද පහක්. එංගලන්ත නීතිය, ඕලන්ද නීතිය, උඩරට නීතිය, මුස්ලිම් නීතිය හා තේසවලාමේ නීතිය ක්‍රියාත්මක කරනවා රටේ. ආණ්ඩුව පවත්වාගෙන යන්නේ වෙස්මිනිස්ටර් ක්‍රමවේදය අනුවයි. ඉතිං පිස්සු කාටද?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 136 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 417 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site