IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


බ්‍රිතාන්‍ය රුසියාවට අනතුරු ඇඟවයි

(විමුක්ති එස් රුද්‍රිගු)

යුක්රේනයට ලබා දෙන සහාය අවතක්සේරුවට ලක් කිරීම සඳහා බ්‍රිතාන්‍ය සහ නේටෝ සාමාජිකයන් ඉලක්ක කරමින් සයිබර් ප්‍රහාර මාලාවක් දියත් කිරීමට රුසියාව සූදානම් වන බව බ්‍රිතාන්‍ය රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු වන පැට් මැක්ෆැඩ්න් පසුගියදා අනතුරු ඇඟවූවේය.

ඉන් පුද්ගලයන් මිලියන ගණනාවකට බලපෑමක් එල්ල විය හැකි බවද ඔහු ප්‍රකාශ කළේය. සැඟවුණු යුද්ධයකදී රුසියාවෙන් එල්ල විය හැකි තර්ජනය අවතක්සේරු නොකරන ලෙසට ඉදිරියේදී පැවැත්වෙන නේටෝ සමුළුවකදී සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටීමටද මැක්ෆැඩ්න් සූදානම් වන බවද පැවැසෙයි. බ්‍රිතාන්‍යයේ බලශක්ති ක්ෂේත්‍රය රුසියාවේ ඉලක්කය වී ඇති බවත් බ්‍රිතාන්‍ය ව්‍යාපාර ඉලක්ක කිරීමට රුසියාව දෙවරක් නොසිතනු ඇති බවත් මැක්ෆැඩ්න් අනතුරු ඇඟවූවේය.

බලශක්ති ක්ෂේත්‍රයට සයිබර් ප්‍රහාරයක් එල්ල කරමින් බලාගාර අක්‍රීය කළ හැකි බවත් ඉන් බ්‍රිතාන්‍ය ජාතිකයන් ලක්ෂ ගණනක් අඳුරේ තැබීමට රුසියාවට හැකියාව පවතින බවත් ඔහු පැවැසුවේය. බ්‍රිතාන්‍ය රුසියාව පිළිබඳ විමසිල්ලෙන් පසුවන බවත් රුසියාවේ රහසිගත සැලසුම් පිළිබඳ තොරතුරු බ්‍රිතාන්‍ය සතු බවත් මැක්ෆැඩ්න් ප්‍රකාශ කළේය.

 



අදහස් (0)

බ්‍රිතාන්‍ය රුසියාවට අනතුරු ඇඟවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 644 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 308 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site