IMG-LOGO

බ්‍රිතාන්‍ය මැතිවරණය හෙට

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මැතිවරණය හෙට (4) ආරම්භ වෙයි.

මෙවර මැතිවරණයේ දී වැඩි වාසි ඇත්තේ වසර 14 ක් තිස්සේ බ්‍රිතාන්‍යයට නායකත්වය දුන් කොන්සවර්ටිව් පක්ෂයට නොව, ප්‍රතිවාදී විපක්ෂය වන කම්කරු පක්ෂයටය. 

මැතිවරණයට මඟ පෑදුණේ පසුගිය මැයි 22 වැනිදා, පාර්ලිමේන්තුව විසුරුවා, මහ මැතිවරණයකට යා යුතු යැයි පාලක කොන්සවර්ටිව් පක්ෂ නායකයා මෙන්ම, අග්‍රාමාත්‍යවරයා ද වන රිෂී සුනාක් තීරණය කළ බැවිනි.

බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍යවරයා හිමිවන්නේ පාලක පක්ෂයේ නායකයාටය. හෙට දිනයේ (4) පැවැත්වෙන මහ මැතිවරණයට කොන්සවර්ටිව් පක්ෂයෙන් රිෂී සුනාක් සහභාගී වන අතර, ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා වන්නේ විපක්ෂ නායක මෙන්ම කම්කරු පක්ෂයේ නායකාය ද වන කීර් ස්ටාර්මර්ය. තවත් කුඩා පක්ෂ සහ ස්වාධීන පක්ෂ වෙන් වෙන්ව, කොන්සවර්ටිව් පක්ෂයටත්, කම්කරු පක්ෂයටත් සහාය දෙයි.

මහා බ්‍රිතාන්‍යය එසේත් නැතිනම් එක්සත් රාජධානිය යනු එංගලන්තය, උතුරු අයර්ලන්තය, ස්කොට්ලන්තය සහ වේල්සයයි. ලෝකයේ හයවැනි ආර්ථික බලවතා එක්සත් රාජධානියයි. එක්සත්  රාජධානියේ ජනගහනය මිලියන 67 කි.

ඡන්ද මධ්‍යස්ථාන සියල්ල හෙට (4) උදෑසන 7 ට ආරම්භ වන අතර, රාත්‍රී 10 තෙක් විවෘතව තැබෙනු ඇත. පශ්චාත් මැතිවරණ අනාවැකි පළ කිරීම රාත්‍රී 10 න් පසු බ්‍රිතාන්‍ය මාධ්‍ය ආයතන විසින් සිදු කරනු ලැබේ. 

(බීබීසී)



අදහස් (4)

බ්‍රිතාන්‍ය මැතිවරණය හෙට

පිටරැටියා Wednesday, 03 July 2024 06:41 PM

සදහටම ගේම් ගගහා බලයේ ඉන්ඩ හදන බලලෝබි බඩගෝස්තරවාදි දූෂිත දේසපාලුවෝ නම් චන්දේ වළක්වන්ඩ නම් ඕනෑම දෙයක් කරයි.

:       0       0

Rohana Wednesday, 03 July 2024 10:07 PM

ලංකාව ආදර්ශයට ගන්න. ලංකාවේ නම් කරන්නේ පාලක පක්ෂයට අවාසි නම් මැතිවරණ නොතියා ඉන්න විවිධ විකල්ප ක්‍රම සොයාබලා ඒවා ක්‍රියාවට නැංවීමයි. ඒකට හොඳ වැඩක් අදම පටන්ගත්තා. ව්‍යවස්ථාවේ හිලක් හොයාගෙන ඒකෙන්වත් මැතිවරණය කල්දමා ගන්න පුළුවන්ද කියලා බලන්න අධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකළා. ඉතින් හෙටම බ්‍රිතාන්‍ය මැතිවරණය පවත්වන නිසා දැන් ඒ ගැන කතාකරලා වැඩක් නෑ. මින් ඉදිරියට මැතිවරණ පවත්වනවා නම් සහ තවදුරටත් බලයේ ඉන්න ආසා කරනවා නම් ලංකාවෙන් උපදෙස් ගන්න...

:       0       0

Lalla Thursday, 04 July 2024 08:09 AM

මිලියන හැට හතක ජනගහනය. ඡන්ද පදනම මිලියනයද?

:       1       2

Rohana Thursday, 04 July 2024 12:28 PM

ලංකාවෙන් පාඩම් ඉගෙන ගන්න. තමන්ට බලයක් නොලැබෙන බව දැන දැනම මැතිවරණ පවත්වනවා. මේ වගේ අවස්ථාවකට ලංකාව මූන දුන්නොත් මෙහේ නම් මැතිවරන තියන්නේ නෑ. මැතිවරණයට අවශ්‍ය අරමුදල් නොදී හරි නැත්නම් ව්‍යවස්ථාවේ අඩුපඩුවක් හරි හොයලා තවදුරටත් බලය රැකගැනීමට අපමන වෙහෙසක් අපිනම් දරනවා. ඒ අතින් බ්‍රිතන්‍යයේ ඔබලා ඉන්නෙ අපටත් වඩා සැතපුම් ගනනක් පිටිපස්සෙන්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 205 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 713 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1123 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site