IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


බ්‍රිතාන්‍යයේ පෝලියෝ බියක්

පෝලියෝ වයිරසයේ ව්‍යාප්තිය ගැන බියක් හටගැනීමත් සමඟ ලන්ඩන් නුවර අවුරුදු 10 ට අඩු පොඩිත්තන්ට පෝලියෝ මර්දන බූස්ටර් එන්නත් ලබා දීම ආරම්භ කර තිබේ.

මහා බ්‍රිතාන්‍යයේ පෝලියෝ බියක් හටගත්තේ,  වසර 40 කට පසු ලන්ඩන් අගනුවරින් පෝලියෝ වයිරස විෂබීජ හමුවීමත් සමඟය. පෝලියෝ වයිරස විෂබීජ හමුවූයේ පසුගිය ජූනි මාසයේ ලන්ඩන් නුවර අපහවන නළයකින් ලබා ගත් සාම්පල පරීක්ෂා කිරීමේදීය.

බූස්ටර් එන්නත් ලබා දීම ආරම්භ කළේ, දරුවන්ගේ වැඩි ආරක්ෂාවට බවත්, තවමත් බ්‍රිතාන්‍යයේ කිසිදු තැනකින් පෝලියෝ ආසාදිතයකු හමුවී නැති බවත් සෞඛ්‍ය අංශ පැහැදිලි කර ඇත.

අපවහන නළයෙන් පෝලියෝ වයිරස විෂබීජ හමුවුණු බැවින්, වයිරස ව්‍යාප්තියක් සිදුවීමට ඉඩ ඇති බවත්, ඒ අනුව ‘හදිසි තත්ත්වයක්’ ලෙස සලකා පෝලියෝ බූස්ටර් එන්නත් ලබා දීම සිදු කරන බවත් සෞඛ්‍ය අංශ පවසයි.

පෝලියෝ යනු ‘පෝලියෝ මයලයිටීස්’ වයිරසය ආසාදනය වීමය. ‘පෝලියෝ මයලයිටීස්’ වයිරසය, ‘පෝලියෝ වයිරසය’ යන නමින් ද හැඳින්වෙයි. වයිරසය ආසාදනය වන්නේ මළපහ මාර්ගයෙනි. ඉන්පසු ආසාදිතයකුගෙන් තවත් ආසාදිතයකුට ඉතා වේගයෙන් පැතිරේ.

වයිරසය සිරුරට ඇතුළු වී රුධිරයට මුසුවුණු පසු රෝග ලක්ෂණ පහළ වීම සිදුවෙයි. වයිරසය මධ්‍යම ස්නායු පද්ධතියට ඇතුළු වූ මාංශපේශීන් දුර්වල වෙයි.

දරුවන්ට පෝලියෝ එන්නතේ පළමු මාත‍්‍රාව ලබා දෙන්නේ මාස 2 සම්පූර්ණ වූ විටය. ඉන්පසු මාස 4 සම්පූර්ණ වෙද්දී එහි දෙවැනි මාත‍්‍රාව ද, මාස 6 දී තෙවැනි මාත‍්‍රාව ද ඉන්පසු අවුරුදු 1 1/2 දී සිවුවැනි මාත‍්‍රාව ආදී වශයෙන් පෝලියෝ මුඛ එන්නත් ලබා දීම සිදුවෙයි. ලන්ඩන් නුවර අවුරුදු 10 ට අඩු දරුවන්ට ලබා දෙන්නේ මෙම එන්නත් මාත‍්‍රාවලට අමතර බූස්ටර් එන්නත් මාත‍්‍රාවකි.

(රොයිටර්)



අදහස් (0)

බ්‍රිතාන්‍යයේ පෝලියෝ බියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

වාසි බලාගෙන පුංචි ආණ්ඩු හදන්න එකතු වෙන්නේ නෑ
2025 මැයි මස 10 1201 1

විවිධ තනතුරුවලට වරදානවලට යටවී පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා උදව් කිරීමට කිසිසේත්ම සූදානම් නැති බව සර්ව ජන බලය පක්ෂයේ උප සභාපති මහාචාර්ය චන්න ජ


වැවට වැටුණු හෙළිකොප්ටරයේ ඉන්ධන ඉවත් කරන්න සැරසේ
2025 මැයි මස 10 1012 0

මාදුරුඔය ජලාශයට කඩා වැටුනු හෙලිකොප්ටරයේ ඉන්ධන වැව පුරා විසිරිම වැළැක්වීම සදහා වෙරළ සංරක්ෂණ දෙපාර්මේන්තුව විසින් විශේෂ වැඩ පිළිවෙළක් ආරම්භ කර තිබේ.


ඩෙංගු -චිකුන්ගුන්යා මඩින්න සෞඛ්‍ය බලධරයෝ රැස් වෙති
2025 මැයි මස 10 191 0

ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝගීන් වාර්තා වීම වැඩිවීමේ අවදානම පිළිබඳව කරුණු සොයා බැලීම සදහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ කැඳවී


ජනපති කාර්යාලයේදී වෙසක් බැති ගී දින හතරක්
2025 මැයි මස 10 145 0

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය එක්ව සංවිධානය කරන “බුද්ධ රශ්මි”වෙසක් කලාපයට සමගාමීව පැවැත්වෙ


ආපදා ණය ඉහළට: චක්‍රලේඛය පිටවේ
2025 මැයි මස 10 588 2

රාජ්‍ය සේවකයින් සඳහා ආපදා ණය ලබාදීම සම්බන්ධයෙන් නව විධිවිධාන ඇතුළත් නව චක්‍රලේඛයක් රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත්


පුංචි ඡන්දෙන් ජනතාව ආණ්ඩුවට සංඥාවක් දුන්නා
2025 මැයි මස 10 2066 6

පළාත් පාලන මැතිවරණයේදී ජනතාව ආණ්ඩුවට දුන් සංඥාව හොඳින් තේරුම් ගන්නා බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 576 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1381 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 353 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site