IMG-LOGO

බ්‍රිතාන්‍යයෙන් මෙරටට එන එරට වැසියන්ට අනතුරු අඟවයි

දැඩි ආර්ථික අර්බුදයකට ලක්වීම නිසා ඖෂධ, ඉන්ධන සහ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල හිඟයක් පවතින බැවින් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේදී කල්පනාකාරී වන්නැයි බ්‍රිතාන්‍ය රජය එරට වැසියන්ට අනතුරු අඟවමින් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඩොලර් අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීමට නොහැකි වී ඇතැයි එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වෙයි.

ශ්‍රී ලංකාවේ වෙළෙඳසැල්, ඉන්ධන පිරවුම්හල් ගෑස් සහ ඔසුසැල් අසල දිගු පෝළිම් දකින්න ලැබෙන බවත්, විදුලි බල අර්බුදයට විසඳුමක් ලෙස ශ්‍රී ලංකා බලධාරීන් විදුලි කප්පාදුවකට යොමු වී සිටින බවත්, බ්‍රිතාන්‍ය රජය අනතුරු අඟවා තිබේ.

ඊට අමතරව 2019 අප්‍රේල් මස පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ද සිහි කැඳවීමක් බ්‍රිතාන්‍ය රජය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි. විදේශියන් ඉලක්ක කර ගනිමින් එවැනි ප්‍රහාර සිදුවිය හැකි බව බ්‍රිතාන්‍ය රජය එරට වැසියන්ට සිහිපත් කර තිබේ.

‘කොවිඩ් 19’ ව්‍යාප්තිය සහ ‘ඩෙංගු’ ව්‍යාප්තිය සම්බන්ධයෙන් ද අවධානයෙන් සිටිය යුතු බවත්, තමන් ගමන් කරන ස්ථානවල කොවිඩ් ව්‍යාප්තිය ගැන කල්තියා දැනුවත් වීම වැදගත් යොමු කළ යුතු බව ද බ්‍රිතාන්‍ය රජය එරට වැසියන්ට දැනුම් දී තිබේ.       

 



අදහස් (4)

බ්‍රිතාන්‍යයෙන් මෙරටට එන එරට වැසියන්ට අනතුරු අඟවයි

Jagath Monday, 14 March 2022 04:08 PM

නන්දසේන හොඳටම කරපු නිසා රටකට වෙච්ච දෙයක්..

:       0       0

de silva Monday, 14 March 2022 05:30 PM

පාස්කු ප්‍රහාරය හැර අනෙක් සියලු කතාවල සත්‍යතාවයක් තිබෙනවා. කොරෝනා හැදුණු වෙලේ විදේශගත පුරවැසියන්ට රටේ දොර වසලා දමපු අපි වගේ අය නොව බ්‍රිතාන්‍යය තම පුරවැසියන්ගේ ආරක්ෂාව ගැන කල්තබා සොයාබලන බව මෙමගින් පේනවා. පාස්කු ප්‍රහාරය විශාල දේශපාලන කුමන්ත්‍රණයක් බව ඔවුන් දන්නේ නැත.

:       1       3

පිටරැටියා Monday, 14 March 2022 06:03 PM

ලන්කාවේ සංචාරක ඇමතියා නම් කියන්නේ සංචාරකයින් සෑහෙන්න එනවයි කියලා. යූක්‍රේන්වලින් ගෙන්වගන්න හිතාගෙන ඇති...

:       2       7

BamunuMonday, 14 March 2022 07:36 PM

සංචාරක ඇමැති කියන්නේ මොලේ අවුල් වෙච්චි කෙනෙක්. රාජපක්ෂලාටම හරිගිය අය...

:       1       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 129 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 401 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site