IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


බයිඩන් අන්දමන්ද වෙලා

‘ජී7’ සමුළුවට සහභාගී වූ රාජ්‍ය නායකයන් සමූහ ඡායාරූපයක් ගැනීමට සූදානම් වෙද්දී ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් අන්දමන්ද වී කැමරා කරුවන්ගෙන් ඉවතට සිටි අතර, ඉතාලි අග්‍රාමාත්‍යවරිය වහා ඔහු යළි කැමරාව දෙසට හරවාගෙන ඡායාරූපයට එක් කරගත් අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වනවිට විදෙස් මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී තිබේ. මෙවර ‘ජී7’ සමුළුව පැවැත්වෙන්නේ, ඉතාලියේය.

සමුළුවේ සත්කාරකරු වන්නේ ඉතාලි අග්‍රාමාත්‍ය ජෝජියා මොලෝනීය. 

ජෝ බයිඩන් 81 හැවිරිදි වියෙහි පසුවෙයි. ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට පත්වුණු වයස්ගතම තැනැත්තා වන්නේ ද ඇමෙරිකන් ජනාධිපතිවරයාය. 2024 වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයට ද බයිඩන් යළි ඉදිරිපත් වෙයි. 

‘ජී7’ නායකයෝ එම සමූහ ඡායාරූපයට පෙනී සිටියේ, සවෙලේට්‍රි නගරයේ ඩොමෙනිකෝ ගොල්ෆ් පිටියේ ඉදිකර තිබුණු වේදිකාවේ සිටය. ඡායාරූප ගැනීමට පෙර, ගොල්ෆ් පිටියට ඉහළ අහසේ ඉතාලි හමුදා සෙබළුන්ගේ ගුවන් කරණම් සංදර්ශනයක් ද පැවැත්විණි.

(ඒ.එෆ්.පී.)



අදහස් (4)

බයිඩන් අන්දමන්ද වෙලා

බටගොඩ දොන් සිමන් Friday, 14 June 2024 12:32 PM

ඇයි අපෙත් ඉන්නේ මේ වගේම අන්ද මන්ද වෙච්චි නාකි ජනපතිලා සැට් එකක්!

:       7       28

Prabha Friday, 14 June 2024 01:45 PM

මේ යකාගේ අන්දමන්ද වීම මුළු ලෝකයම සාමයට බාධාවක්

:       8       87

පිටරටවැසියා Friday, 14 June 2024 02:07 PM

මෙයා 80 පැනපු අන්දමන්ද වෙච්චි කෙනෙක්.. ලංකාවේ ඉන්නේ 70 පැනපු අන්දභූත වෙච්චි සෙට් එකක්...!

:       6       24

sam Saturday, 15 June 2024 06:45 AM

මේක තමයි ලංකාවට වෙලා තියෙන්නේ. යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ ගෙවල් වල ඉන්න ඕන නාකි මල ඉලව් රටේ පාලන බලයට ඇවිල්ලා වැරදි තීරණ අරගෙන රට ආපස්සට අරගෙන යනවා. බලාගෙන යනකොට ලෝකට හෙන ගහලා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 59 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 722 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site