
ඇමෙරිකා ජනාධිපතිවරණය නොවැම්බර් 5 වැනිදා පැවැත්වීමට නියමිත අතර, ඊට ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වත්මන් ජනාධිපති ජෝ බයිඩන් සහ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බව නිල වශයෙන් නිවේදනය කෙරුණි.
ඇමෙරිකන් දේශපාලනයේ ප්‍රධාන පක්ෂ දෙකක් පමණි. වත්මන් ජනාධිපති බයිඩන් නියෝජනය කරන්නේ ඩිමොක්‍රටික් පක්ෂයයි. හිටපු ජනාධිපති ට්‍රම්ප් නියෝජනය කරන්නේ, රිපබ්ලිකන් පක්ෂයයි.
බයිඩන් සහ ට්‍රම්ප් ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා යැයි නිල වශයෙන් තහවුරු කෙරුණේ ඔවුන් දෙදෙනාගේ නාම යෝජනා, පක්ෂ සමුළුවලදී නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමත් සමඟය.
ප්‍රධාන අපේක්ෂකයන් ලෙස නාම යෝජනා හිමිවීමත් සමඟ, එම ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා අතරේ සජීවී වාද විවාද පැවැත්වීම ඇමෙරිකන් දේශපාලනයේ සම්ප්‍රදායයි.
ඕනෑම වේලාවක, ඕනෑම ස්ථානයක තමන් තම ප්‍රතිවාදියා ජෝ බයිඩන් සමඟ විවාදයට තමන් සූදානම් යැයි ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත. ට්‍රම්ප් 2020 වසරේ පැවැති ජනාධිපතිවරණයේ දී බයිඩන්ට පරාජය විය. එහෙයින් ට්‍රම්ප්ට, ජනාධිපති ධුරය සඳහා තවත් එක් ධුර කාලයක් ඉතිරි වී තිබේ.
(ඒ.එෆ්.පී.)
2025 දෙසැම්බර් මස 18
314
1
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
203
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1000
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බයිඩන්-ට්‍රම්ප් සටනට සූදානම්
fairoos Wednesday, 13 March 2024 03:43 PM
එහෙත් ලංකාවේ වගේ තමයි... වයසක අය විතරමයි ඉන්නේ නේද?
Bamunuarachchi Friday, 15 March 2024 05:49 AM
මැට්ටෝ රටක් පාලනය කරනවා කියන එක එළුවෝ බලනවා මස් කඩයක් කරනවා වගේ නොවෙයි... දේශපාලන අත්දැකීම් තිබෙන පුද්ගලයින් කළයුතු කාර්යයක්..
Srinath priyantha Wednesday, 13 March 2024 10:59 PM
ඇමෙරිකාවේ ඡන්දෙට දින දීලා.. ඇමෙරිකාව ෆලෝකරන්න අපේ ලොක්කන් තවම නැකැත් බලනවා. බලයට ඇති කෑදරකම රට ගොඩ දාන්න යොදාගත්තා නම් අපි ලෝකයේ 1... ස්තුතියි...!