IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


බියගමට රෝහල් දෙකක්

(අංජුල මහික වීරරත්න)

ගම්පහ බියගම මහ රෝහල සහ ළමා රෝහල ඉදිකිරීම සඳහා මූල්‍ය ප්‍රතිපාදන ලබා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ගම්පහ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය සේවාවන් සඳහා වන ඉල්ලුම දිනෙන් දින ඉහළ යන බැවින් එම දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය සේවා පද්ධතිය වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාවය හඳුනා ගනු ලැබ ඇතැයි රජය කියයි.

ඒ සඳහා රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්ව ප්‍රවේශයක් යටතේ මහ රෝහලක් සහ සියලුම නවීන පහසුකම් සහිත ළමා රෝහලක් ස්ථාපිත කිරීමටත් චෝදිත රෝහල් පද්ධතිය ඉදිකිරීම සඳහා බියගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේම ඉල්ලගහවත්ත සහ දෙල්ගහවත්ත යන ඉඩම් කොටස් දෙක රජයේ තක්සේරු වටිනාකම මත පවරා ගැනීමටත් මීට පෙර කැබිනට් අනුමැතිය ලැබී තිබිණි.

යෝජිත රෝහල ඉදිකිරීම සඳහා අවශ්‍ය අරමුදල් සැපයීමට Sontell Group Hong Kong International Limited විසින් කැමැත්ත පළ කරමින් යෝජනාවක් ඉදිරිපත් කර ඇතැයි රජය කියයි.

ඒ අනුව එම රෝහල ඉදිකිරීම සඳහා අවශ්‍ය මුදල් සපයා ගැනීම පිණිස එකේ ආයතනය හා ශ්‍රී ලංකා රජය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම සඳහා ජනාධිපතිවරයා සහ සෞඛ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කළේය.

 



අදහස් (3)

බියගමට රෝහල් දෙකක්

Lalla Wednesday, 29 May 2024 12:11 PM

චීන සමාගමක් නිකම්ම මුදල් දෙනවා කියලාද මේ කියන්නේ? කවදාවත්ම වෙන්න ඉඩ තියෙන දෙයක්ද?

:       1       2

Marisipala Wednesday, 29 May 2024 03:31 PM

ඇත්තෝ කතිබොති නැත්තෝ සුසුම් ලති වත්මන් ජනාධිපති මුලින්ම පාර්ලිමේන්තුවට පත්වුනේ බියගම ආසනයෙන් නිසා කළගුණ සැළකීමක් හැටියට මෙහෙම කරනවා වෙන්න පුළුවන්

:       1       2

swene Friday, 31 May 2024 06:14 AM

දැනට තියෙන රෝහල් වලට අවශ්‍ය ප්‍රමාණයට වෛද්‍යවරු පත් කර නැහැ. එම සේවාව දුර්වල වී තිබෙන නිසා කඩිනමින් කල හැකි පිළියම් යොදන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 497 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site