
(අංජුල මහික වීරරත්න)
බියගම ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ළමා රෝහල ඉදිකිරීමට රජය තීරණය කර තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව මෙම රෝහල ඉදි කෙරෙයි.
මෙම රෝහල ඉදිකිරීම පිළිබඳව පසු විපරම් සාකච්ඡාවක් දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (17)පැවැත්විණි.
එම ව්‍යාපෘතිය සම්බන්ධව දැනට පවතින අභියෝග සහ වත්මන් සැලසුම් පිළිබඳව එම සාකච්ඡාවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බව රුවන් විජයවර්ධන මහතා පැවසීය.
බියගම රෝහල ආශ්‍රිතව වෙල්නස් විලේජ් (Wellness Village) සංකල්පයට අනුව රෝහලක් ඉදි කිරීම සම්බන්ධයෙන් ද රජයේ අවධානය යොමුව පවතී.
2025 දෙසැම්බර් මස 18
168
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
152
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බියගමටත් ළමා රෝහලක්
දිමුත් Tuesday, 17 October 2023 05:21 PM
දේශගුණ විපර්යාසයි මේකෙ ඇති සම්බන්ධයයි මොකක්ද ?
චේතනාWednesday, 18 October 2023 11:59 AM
මෙහෙමනේ දිමුත්, කොළඹට කිරි... ගමට කැකිරි... අහලා ඇතිනේ ඉතින් ඔක්කොම කුණු බේරුවල් බොක්කට වගේ හොඳ දේවල් හැම එකම තමන්ගේ ආසනයට ගන්නවා. ඔක්කෝම බස්නාහිර පළාතේ හදනවා. ඊළඟට පරිසරය ගැන කතා කරන කොට කියනවා කොළඹට වාහන එනවා වැඩියි පරිසරයට හානිවෙනවා කියලා...
Athula Tuesday, 17 October 2023 08:36 PM
චන්ද කඩාගන්න මේවා කලාට... අපි කියන්නෙ යකෝ තියෙන රෝහල් වලට බෙහෙත් දීපන් පළමුව අනික දොස්තරල සහ කාර්‍ය මණ්ඩලය නැතුව ගොඩනැගිලි වැඩක් නැහැ.. තොපි 75 ක් කලේ මේ වංචාව.. තවත් කරන්නේ වංචාව