IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


බඹර ප්‍රහාරයෙන් සිසුන් 100ක් රෝහලේ

(එස් ඩී කොඩිකාර සහ ඩී.ඒ.පතිරණ)

දෙනියාය අධ්‍යාපන කලාපයට අයත් පට්ටිගල පර්සි අබේවර්ධන මහා විද්‍යාලයේ සිසුන් සියයකට අධික ප්‍රමාණයකට හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ දෙදෙනකු අද (30) බඹර ප්‍රහාරයකට ලක්ව රෝහල්ගත කර ඇතැයි ඌරුබොක්ක පොලිසිය පවසයි.

බඹර ප්‍රහාරයට ලක් වූ සිසුන්ගෙන්  70ක් පමණ අද  (30) දහවල් වන විටත් හීගොඩ රජයේ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර බරපතළ තත්වයේ පසුවූ තවත් සිසුන් 08 දෙනකු වැඩි දුර ප්‍රතිකාර සඳහා  ඇඹිලිපිටිය මහ රෝහලට මාරු කර යැවූ බවත් සෙසු සිසුන් ප්‍රතිකාර ලබා පිටව ගිය බවත්  රෝහල් ආරංචි මාර්ග පවසයි. 

පාසල ආසන්නයේ තිබූ ඉඩමක කිතුල් ගසක බැඳ තිබූ බඹර කූඩුවක් ඇවිස්සී ක්‍රීඩා පිටියේ සිටි සිසුන් දෙදෙනෙකුට පළමුව බඹරුන් දෂ්ට කර ඇති අතර ඔවුන් බේරාගැනීමට පැමිණි සෙසු  සිසුන් පිරිසට ඉන්පසුව බඹරුන් එලව එලවා දෂ්ට කර ඇති බව පැවසේ.

ඉන් පසු  දහවල් කාලයේ පළමු දෙවැනි ශ්‍රේණිවල සිසුන් රැගෙන යාමට පැමිණි  දෙමාපියන් පිරිසක්  ගිණි  මැල  ගසා බඹරුන් පලවා හැරීමට කටයුතු කර තිබූ අතර  බඹර ප්‍රහාරවලට ලක් නොවූ අනිකුත් සිසුන් ආරක්ෂිත ස්ථාන කරා  රැගෙන යාමට කටයුතු කළ බව විද්‍යාලයේ විදුහල්පති කේ.පියසිරි මහතා පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් ඌරුබොක්ක පොලීසිය වැඩි දුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

බඹර ප්‍රහාරයෙන් සිසුන් 100ක් රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 642 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site