IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


බෝම්බයක් අතේ අරන් පාරෙ ගිය අයෙක් අල්ලයි

(ලක්මි කුඩලිගම)

විදේශීය රටක නිෂ්පාදිත ජීව අත් බෝම්බයක් අතතැතිව බුලත්සිංහල  කල්ලුමලේ මාර්ගයේ සැරිසැරු පුද්ගලයෙකු අද (9) සවස අත්අඩංගුවට ගත් බව බුලත්සිංහල පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බුලත්සිංහල අතුර ප්‍රදේශයේ පදිංච් 40 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු මීට ඉහතදීද ප්‍රදේශයේ විවිධ සොරකම් රැසක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූ පුද්ගලයෙකු බවද පොලිසිය සඳහන් කරයි.

මේ පුද්ගලයා ජීව අත්බෝම්බයත් රැගෙන බුලත්සිංහල ඉහළ වෙල්ගම, කල්ලුමලේ ප්‍රදේශයේට පැමිණෙන බවට බුලත්සිංහල පොලිසියේ බුද්ධි අංශයට ලද තොරතුරක් මත පොලිස් නිලධාරින් පිරිසක් මාර්ගයේ රැක සිට මේ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු හෙට (10) මතුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර බුලත්සිංහල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක චමින්ද ද සිල්වා මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක දුලාංජන ඒකනායක මහතා ඇතුළු පොලිස් නිලධාරින් පිරිසක් පරික්ෂණ පවත්වති.



අදහස් (2)

බෝම්බයක් අතේ අරන් පාරෙ ගිය අයෙක් අල්ලයි

සරත් විජේසිංහ Saturday, 10 September 2022 09:49 AM

මේ වගේ අපරාධ කාරයින් බිහිවන්නේ නුගත් දේශපාලනන බලධාරීන් නිසාය.ඔවුන්ගේ ආරක්ෂාවට රටේ ඉන්න සියලුම අපරාධකාරයින් ලංකරගෙන ඔවුන් චන්ඩි විදිහට සමාජයට ආවුද සහිතව මුදා හරිය විට රටටම කරදරයකි.මුලින්ම මේ නුගත් දේසපාලුවන් රටෙන් අතුගා දැමිය යුතුය.ඉන් පසු මේ වගේ අපරාධකාරයින්ට ආරක්ෂාව නැති වෙනවා.

:       0       5

ganegoda Saturday, 10 September 2022 03:23 PM

බෝම්බයක් අතේ තිබුණත් වැඩක් නැහැ... ඒක පාවිච්චි කරන්න මොලයක් නැතිනම්..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 377 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 224 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site