(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ ඉවත් කිරීමේ අවසන් ක්‍රමෝපායික සැලැස්ම ප්‍රකාශයට පත් කර තිබෙි.
ඒ අනුව 2027 වසර අවසන් වන විට මෙරට බිම් බෝම්බ වලින්තොර රටක් බවට පත්කිරීමට සැලසුම් සකස් කර තිබෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
ඒ අනුව මෙරට බිම්බෝම්බ ඉවත් කිරීමේ අවසන් ක්‍රමෝපායික සැලැස්ම එළිදැක්වීම නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලිව්.එස්. සත්‍යානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගෝල්ෆේස් හෝටලයේදී සිදු කෙරිණ.
මෙම වැඩසටහනට පැමිණ සිටි තානාපතිවරුන්ට, මහකොමසාරිස්වරුන්ට සහ විදේශීය නියෝජිතයින්ට මෙරට බිම්බෝම්බ ඉවත් කිරීමට අදාල සැලැස්ම අමාත්‍යංශ ලේකම්වරයා විසින් ඉදිරිපත් කරනු ලැබීය.
ජිනීවා ජාත්‍යන්තර මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ මධ්‍යස්ථානයේ සහාය ඇතිව බිම්වෙඩි පිළිබද ක්‍රියාකාරී ජාතික මධ්‍යස්ථානය විසින් 2023 වසරේ සිට 2027 වසර දක්වා මෙරට බිම් බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාකාරී උපායමාර්ගික වැඩසටහන සකස් කර ඇත.
මේ වන විට උතුරු හා නැගෙනහිර පළාත්වල වර්ග කිලෝමීටර 204 කට අධික භූමි ප්‍රමාණයක පුද්ගල නාශක බිමි බෝම්බ ඉවත් කොට සිවිල් ජනතාව වෙනුවෙන් නිදහස් කර තිබේ. තවත් වර්ග කිලෝමීටර 15 කට ආසන්න භූමි ප්‍රමාණයක බිම් බෝම්බ ගලවා ඉවත් කිරීමට නියමිතව ඇති බව ‘බිම්වෙඩි පිළිබද ක්‍රියාකාරී ජාතික මධ්‍යස්ථානය’ සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
450
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
248
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1039
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බිම්බෝම්බ ඉවත් කිරීමේ සැලැස්ම කියයි
benil wiejay Sunday, 02 April 2023 12:18 PM
ඊළඟ ඡන්දයේදී ජනතාවට මේ දේශපාලු බිම්බෝම්බ ඉවත් කිරීමට නුවණ පෑදේවා !!! රණතුංග ඒ අතරින් ප්‍රධාන වේ. රාජපක්ෂ මහා හඬක් සමග පුපුරා ගියා. අපට විශාල සද්දෙකුත් කැලණිය පැත්තෙන් ඇසුණා!!
ගමේ එකාලා Sunday, 02 April 2023 03:36 PM
ඒ ගමන්ම කප්පම් ගන්න අලුත් විදියක් ගැනත් හිතාගෙන ඇති...
ගනේගොඩ Sunday, 02 April 2023 04:34 PM
ඒවා අපි කරගන්නම්.. නිකන් පණ්ඩිත වෙන්නේ නැතුව ඉන්න...!